Empty Ad
AFC Banner
Empty Ad

Update – සේරුනුවර දී පෙරලුණු බසය නියමිත ගමන් මාර්ගයෙන් පිට ධාවනය කරලා (ඡායාරූප)

කාත්තන්කුඩිය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (20) අලුයම අනතුරට ලක්ව එහි ගමන් ගත් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.

සේරුනුවර – කන්තලේ මාර්ගයේ සේරුනුවර, කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසල දී මෙම මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබුණා.

මෙම බස් රථය නියමිත ගමන් මාර්ගයේ ධාවනය නොකර වෙනත් විකල්ප මාර්ගයක ධාවනය කරමින් තිබිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

බස් රථය ගමන් කළ යුතු නියමිත මාර්ගය ගංවතුරත් සමඟ ජලයට යටවී තිබීම හේතුවෙනුයි එහි රියදුරු වෙනත් විකල්ප මාර්ගයක රථය ධාවනය කර ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථවේ එහි 45 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති අතර, අනතුරින් බස් රථයේ රියදුරු, කොන්දොස්තර ඇතුළු 14 දෙනෙක් තුවාල ලබා ඇතුළත් කෙරුනේ සේරුනුවර රෝහලටයි.

ඉන් නවදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරුකර යැවීමටයි පසුව කටයුතු කර තිබුණේ.

පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර – කන්තලේ මාර්ගයේ සේරුනුවර, කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2025 01 20 at 9.40.44 AM
WhatsApp Image 2025 01 20 at 9.40.12 AM
WhatsApp Image 2025 01 20 at 9.40.32 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්ද වාර්තාව කතානායක හඬවයි
03:52
Video thumbnail
ඔක්කොම අය ඉන්න තැන දන්නවලු - කවද්ද මෙයාලා අල්ලගන්නේ ?
04:12
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට
00:59
Video thumbnail
ඉස්කෝලෙට ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
00:59
Video thumbnail
මම ඉස්කෝලෙට ගියේ මට එන්න කියපු නිසා - ගිය ගමන ගැන ඇහුවම රන්වලට නහුතෙට තදවෙයි
06:37
Video thumbnail
ඇල්ල වැල්ලවාය මාර්ගයේ එක් මංතීරුවක් ගමනාගමනයට යලි විවෘත කෙරේ
02:12
Video thumbnail
ආණ්ඩුවේ කෙඳිරි ගෑවිලිවලට මහින්ද බය නෑ - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුව හාන්සි කරවයි
06:48
Video thumbnail
රිලව් ගැනලා හෙටින් පස්සේ - රටම සුරපුරයක් කරයි
03:57
Video thumbnail
චාමර සම්පත් අද ජනපතිටත් දෙසයි - සිංහලෙන් මදිවට දෙමලෙනුත් අමතයි
19:15
Video thumbnail
හිච්චි තුණ්ඩු කෑල්ලක් ගෙවල් වලට එවලා - රිලව් මොණරු ගණන්කරලා ගාන දාන්න කියාලා
05:33

?