Update – සේරුනුවර දී පෙරලුණු බසය නියමිත ගමන් මාර්ගයෙන් පිට ධාවනය කරලා (ඡායාරූප)

කාත්තන්කුඩිය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (20) අලුයම අනතුරට ලක්ව එහි ගමන් ගත් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා.

සේරුනුවර – කන්තලේ මාර්ගයේ සේරුනුවර, කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසල දී මෙම මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබුණා.

මෙම බස් රථය නියමිත ගමන් මාර්ගයේ ධාවනය නොකර වෙනත් විකල්ප මාර්ගයක ධාවනය කරමින් තිබිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

බස් රථය ගමන් කළ යුතු නියමිත මාර්ගය ගංවතුරත් සමඟ ජලයට යටවී තිබීම හේතුවෙනුයි එහි රියදුරු වෙනත් විකල්ප මාර්ගයක රථය ධාවනය කර ඇත්තේ.

අනතුර සිදුවන අවස්ථවේ එහි 45 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති අතර, අනතුරින් බස් රථයේ රියදුරු, කොන්දොස්තර ඇතුළු 14 දෙනෙක් තුවාල ලබා ඇතුළත් කෙරුනේ සේරුනුවර රෝහලටයි.

ඉන් නවදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරුකර යැවීමටයි පසුව කටයුතු කර තිබුණේ.

පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර – කන්තලේ මාර්ගයේ සේරුනුවර, කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2025 01 20 at 9.40.44 AM
WhatsApp Image 2025 01 20 at 9.40.12 AM
WhatsApp Image 2025 01 20 at 9.40.32 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34