spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – රයිසිගේ මරණය නිවේදනය කිරීමෙන් පසු ඉරාන රජය හදිසි රැස්වීමක් කැඳවයි

නැගෙනහිර අසර්බයිජාන් පළාතේ දී හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ තවත් අටදෙනෙකු මිය ගිය බවට නිවේදනය කිරීමෙන් පසු ඉරාන රාජ්‍ය විකාශකයින් ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශන අතර ඉස්ලාමීය යාඥාවන් විකාශනය කිරීම ආරම්භ කර තිබෙනවා.

මේ අතර ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA වාර්තා කරන්නේ, ඉරාන රජය සඳුදා (අද 20 දිනයේ ) හදිසි රැස්වීමක් කැඳවා ඇති බවයි.

ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය මඟින් බෙදා ගන්නා ලද ඡායාරූපයකින් පෙන්නුම් කළේ සාමාන්‍යයෙන් ජනධිපතිවරයා වාඩි වී සිටින පුටුව හිස්ව ඇති අතර, ජනාධිපතිවරයා සිහිපත් කිරීම සඳහා කළු පැහැ සළුවකින් එය ඔතා ඇති ආකාරයයි.

මේ අතර ඉරානයේ ජනාධිපතිවරයෙකු ධූරයේ සිටියදී මිය ගියහොත්, ඉරාන ඉස්ලාමීය ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 131 වැනි වගන්තිය පවසන්නේ ඉරානයේ රාජ්‍යයේ සියලු කාරණා සම්බන්ධයෙන් අවසාන ප්‍රකාශය ඇති උත්තරීතර නායකයාගේ තහවුරු කිරීමත් සමඟ පළමු උප ජනාධිපතිවරයා බලයට පත් වන බවයි.

අනතුරුව පළමු උප ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ අධිකරණ ප්‍රධානියාගෙන් සමන්විත කමිටුවක් මඟින් උපරිම දින 50ක කාලයක් තුළ නව ජනාධිපතිවරයකු සඳහා මැතිවරණයක් සංවිධානය කළ යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
2
+1
19
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?