Update – රයිසිගේ මරණය නිවේදනය කිරීමෙන් පසු ඉරාන රජය හදිසි රැස්වීමක් කැඳවයි

නැගෙනහිර අසර්බයිජාන් පළාතේ දී හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ තවත් අටදෙනෙකු මිය ගිය බවට නිවේදනය කිරීමෙන් පසු ඉරාන රාජ්‍ය විකාශකයින් ඔවුන්ගේ ප්‍රවෘත්ති විකාශන අතර ඉස්ලාමීය යාඥාවන් විකාශනය කිරීම ආරම්භ කර තිබෙනවා.

මේ අතර ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA වාර්තා කරන්නේ, ඉරාන රජය සඳුදා (අද 20 දිනයේ ) හදිසි රැස්වීමක් කැඳවා ඇති බවයි.

ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය මඟින් බෙදා ගන්නා ලද ඡායාරූපයකින් පෙන්නුම් කළේ සාමාන්‍යයෙන් ජනධිපතිවරයා වාඩි වී සිටින පුටුව හිස්ව ඇති අතර, ජනාධිපතිවරයා සිහිපත් කිරීම සඳහා කළු පැහැ සළුවකින් එය ඔතා ඇති ආකාරයයි.

මේ අතර ඉරානයේ ජනාධිපතිවරයෙකු ධූරයේ සිටියදී මිය ගියහොත්, ඉරාන ඉස්ලාමීය ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 131 වැනි වගන්තිය පවසන්නේ ඉරානයේ රාජ්‍යයේ සියලු කාරණා සම්බන්ධයෙන් අවසාන ප්‍රකාශය ඇති උත්තරීතර නායකයාගේ තහවුරු කිරීමත් සමඟ පළමු උප ජනාධිපතිවරයා බලයට පත් වන බවයි.

අනතුරුව පළමු උප ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ අධිකරණ ප්‍රධානියාගෙන් සමන්විත කමිටුවක් මඟින් උපරිම දින 50ක කාලයක් තුළ නව ජනාධිපතිවරයකු සඳහා මැතිවරණයක් සංවිධානය කළ යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03