spot_img
AFC Banner
Empty Ad
Empty Ad

Update – මොස්කව් ප්‍රහාරය ගැන ඇමරිකානු ධවල මන්දිරයෙන් විශේෂ ප්‍රකාශයක් – පුටින් තවමත් නිහඬයි

රුසියාවේ මොස්කව් නුවර ක්‍රොකස් සිටි රංග ශාලාවට ඊයේ (22) රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමට කටයුතු කරන බව ඇමරිකානු ධවල මන්දිරය පවසනවා.

ධවල මන්දිරය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ප්‍රහාරයට යුක්‍රේනයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

මේ අතර ඇමරිකානු බුද්ධි තොරතුරු වාර්තා කරන්නේ මෙම ප්‍රහාරය පසුපස ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයක් සිටින බවයි.

එය සනාථ කරන තොරතුරු මේ වනවිටත් ලැබී ඇති බවයි ඇමරිකානු බුද්ධි තොරතුරු සඳහන් කරන්නේ.

වොෂින්ටනය සහ මොස්කව් අතර පවතින තුහීන සබඳතා නොතකා ප්‍රහාරය සම්බන්ධ ඉතා නිශ්චිත තොරතුරු රුසියානු රජය වෙත ලබා දුන් බවයි ධවල මන්දිරය ප්‍රකාශ කළේ.

මේ අතර මොස්කව්හි සිටින ඇමරිකානුවන්ට ඇමරිකානු රජය අනතුරු අඟවන්නේ විශාල රැස්වීම්වලින් වළකින ලෙසයි.

මෙම ප්‍රහාරය 2015 වසරේ දී පැරීසියේ සිදු වූ බටක්ලාන් ප්‍රහාරයන්ට සමානකම් පවතින බවයි විමර්ශකයින් සඳහන් කළේ.

රුසියාවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ පවසන්නේ පුද්ගලයින් 115 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව සිටින බවයි.

ඔවුන්ගෙන් පස්දෙනෙකු ළමයින් බවත්, තුවාල ලැබූවන්ගෙන් 60 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ වනවිය ලැබී ඇති තොරතුරුවලට වාර්තා වන්නේ අනුව ප්‍රහාරකයන් සුදු පැහැති මෝටර් රථයකින් පළා ගොස් ඇති බවයි.

පුද්ගලයින් 40 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වූ මෙම ප්‍රහාරය සම්බන්ධයේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙතෙක් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර නොමැතිවීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?