Update – මොස්කව් ප්‍රහාරය ගැන ඇමරිකානු ධවල මන්දිරයෙන් විශේෂ ප්‍රකාශයක් – පුටින් තවමත් නිහඬයි

රුසියාවේ මොස්කව් නුවර ක්‍රොකස් සිටි රංග ශාලාවට ඊයේ (22) රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමට කටයුතු කරන බව ඇමරිකානු ධවල මන්දිරය පවසනවා.

ධවල මන්දිරය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ප්‍රහාරයට යුක්‍රේනයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

මේ අතර ඇමරිකානු බුද්ධි තොරතුරු වාර්තා කරන්නේ මෙම ප්‍රහාරය පසුපස ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයක් සිටින බවයි.

එය සනාථ කරන තොරතුරු මේ වනවිටත් ලැබී ඇති බවයි ඇමරිකානු බුද්ධි තොරතුරු සඳහන් කරන්නේ.

වොෂින්ටනය සහ මොස්කව් අතර පවතින තුහීන සබඳතා නොතකා ප්‍රහාරය සම්බන්ධ ඉතා නිශ්චිත තොරතුරු රුසියානු රජය වෙත ලබා දුන් බවයි ධවල මන්දිරය ප්‍රකාශ කළේ.

මේ අතර මොස්කව්හි සිටින ඇමරිකානුවන්ට ඇමරිකානු රජය අනතුරු අඟවන්නේ විශාල රැස්වීම්වලින් වළකින ලෙසයි.

මෙම ප්‍රහාරය 2015 වසරේ දී පැරීසියේ සිදු වූ බටක්ලාන් ප්‍රහාරයන්ට සමානකම් පවතින බවයි විමර්ශකයින් සඳහන් කළේ.

රුසියාවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ පවසන්නේ පුද්ගලයින් 115 දෙනෙකු මේ වනවිට රෝහල් ගතව සිටින බවයි.

ඔවුන්ගෙන් පස්දෙනෙකු ළමයින් බවත්, තුවාල ලැබූවන්ගෙන් 60 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ වනවිය ලැබී ඇති තොරතුරුවලට වාර්තා වන්නේ අනුව ප්‍රහාරකයන් සුදු පැහැති මෝටර් රථයකින් පළා ගොස් ඇති බවයි.

පුද්ගලයින් 40 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වූ මෙම ප්‍රහාරය සම්බන්ධයේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙතෙක් කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකර නොමැතිවීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09