Update – ප්‍රධාන ගංඟා කිහිපයක් පිටාර ගලයි – ප්‍රදේශ රැසකට ගං වතුර (වීඩියෝ)

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ගංඟා කිහිපයක් දිවයිනේ ප්‍රදේශ රැසකින් පිටාර ගලා තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව අද (02) උදෑසන කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් බියගම – කැළණි මාර්ගයේ මල්වාන හන්දිය ජලයෙන් යට වී තිබෙනවා.

එමෙන්ම ගිං ගඟ ගාල්ල – මාපලගම ප්‍රදේශයෙන් මේ වනවිට පිටාර ගලමින් පවතින බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මේ හේතුවෙන් මාපලගම ප්‍රදේශයේ පහත්බිම් ජලයෙන් යටවෙමින් පවතින අතර, මාපලගම – පිටිගල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනා ගමනයට ද බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර ගිං ගඟ පිටාර ගැලීමෙන් හිනිදුම, උඩුගම, නාගොඩ, බද්දේගම, ආදී ප්‍රදේශවල පහත් බිම් රැසක් යට වී තිබෙනවා.

අද (02) උදෑසන 9.00 වන විට ගිං ගඟේ බද්දේගම ජල මාපකයේ අගය මීටර් 04.22ක් ලෙස සටහන්ව තිබුණා.

එමෙන්ම නිල්වලා ගඟේ අතු ගංගාවක් වන කිරම ඔය පිටාර ගැලීමෙන් හක්මන – මුලටියන මාර්ගය දෙයියන්දර ඕවිලාන ප්‍රදේශය ජලයෙන් යට වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ හේතුවෙන් කොටපොල සිට මුලටියන හරහා මාතර මාර්ගය මාකඳුර නගරයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සිටිනාමලුව මහවැව පිටාරගැලීම නිසා තංගල්ල – බෙලිඅත්ත මාර්ගය ජලයෙන් යට වී ඇති බව මේ වනවිට තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34