Update – නාවික හමුදා වික්‍රමයෙන් දිවි බේරූ දිනේෂ් 01 යාත්‍රාවේ සිර වී සිටි ධීවරයා ගොඩබිමට (ඡායාරූප)

වාණිජ නෞකාවක ගැටී අනතුරට ලක්වූ දිනේෂ් 01 ධීවර යාත්‍රාව තුළ සිර වී සිටිය දී නාවික හමුදාව විසින් බේරාගත් ධීවරයා අද (27) පස්වරුවේ ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.

නාවික හමුදාව විසින් ගාල්ල ධීවර වරාය වෙත රැගෙන ආ එම ධීවරයා කරාපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

නාවික හමුදාව විසින් පැය ගණනාවක් සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි ධීවර යාත්‍රාව තුළ සිර වී සිටි මෙම ධීවරයා බේරා ගැනුණේ.

මාතර, දෙවුන්දර ධීවර වරායෙන් මුහුදු ගොස් සිටිය දී දිනේෂ් 01 ධීවර යාත්‍රාවේ වාණිජ නෞකාවක් ගැටීමෙන් ඊයේ (27) රාත්‍රියේ අනතුරට ලක්ව තිබුණා.

අනතුර සිදුව අවස්ථාවේ දී එහි ධීවරන් 05 දෙනෙකු සිට ඇති අතර, ඉන් දෙදෙනෙකු මේ වනවිට දිවි බේරාගැනීමට සමත්ව තිබෙනවා.

මෙම අනතුරින් තවත් ධීවරයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් ධීවරයෙක් අතුරුදන්ව සිටිනවා.

අතුරුදන්ව සිටින ධීවරයා සොයා නාවික හමුදාව තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

2 3
3 2
4 1
5 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23