UPDATE : අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජන කළ ජ’පුර වෛද්‍යවරියගේ දුව රිමාන්ඩ්

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චිට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කළා.

21 හැවිරිදි ඇය අද (07) නීතිඥවරයෙකු මාර්ගයෙන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය සඳහන් කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය තහවුරු කළේ.

එහිදී එම විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ සිය 21 හැවිරිදි සේවාදායිකාව අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අමෙරිකාවේ සිට පැමිණි බවත් ඇයට හරි හැටි සිංහල කතා කිරීමට නොහැකි බවත්ය.

එබැවින් ඇය පවසා ඇත්තේ “උඹලා මරනවා ” කියා නොව ” මම මැරෙනවා “ කියා බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එබැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසයි විත්තිකාරිණිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ.

එකී තර්ජනය සිදු කළේ යැයි පැවසෙන දිනට අදාළ සීසිටිවි කැමරාවල පටිගත වී ඇති දර්ශන ලබාගෙන වැඩිදුරටත් විමර්ශනය කළ යුතු බව ද එහිදී කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම අල්ලස් පනතේ 125 වගන්තියේ 2වන උප වගන්තිය අනුව එක් නඩුවක් ගොනු කර තිබු අතර තවත් නඩුවක් කෙසෙල්වත්ත පොලිසිය වෙනම පවරා ඇති බව ද සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය ඇප ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ සීසීටීවී දර්ශන ලබාගෙන විමර්ශන කටයුතු සිදු කෙරෙන බැවින් ඇප ප්‍රතික්ෂේප කරන බවයි.

එලෙසම ඇයට සිංහල කතා කිරිමට නොහැකි බව පැවසු නීතිඥවරු ඇමතු මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ ”උබලා මරනවා” සහ ”මම මැරෙනවා” යැයි පැවසීම අතර වෙනත් අර්ථයක් නොමැතිදැයි කියාය.

නීතිඥවරු ඊට පිළිතුරක් ලබා දී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
23
+1
1
+1
27
+1
1
+1
4
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?