UPDATE : අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජන කළ ජ’පුර වෛද්‍යවරියගේ දුව රිමාන්ඩ්

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චිට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය නියෝග කළා.

21 හැවිරිදි ඇය අද (07) නීතිඥවරයෙකු මාර්ගයෙන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය සඳහන් කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය තහවුරු කළේ.

එහිදී එම විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කළේ සිය 21 හැවිරිදි සේවාදායිකාව අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අමෙරිකාවේ සිට පැමිණි බවත් ඇයට හරි හැටි සිංහල කතා කිරීමට නොහැකි බවත්ය.

එබැවින් ඇය පවසා ඇත්තේ “උඹලා මරනවා ” කියා නොව ” මම මැරෙනවා “ කියා බව ද ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

එබැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසයි විත්තිකාරිණිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ.

එකී තර්ජනය සිදු කළේ යැයි පැවසෙන දිනට අදාළ සීසිටිවි කැමරාවල පටිගත වී ඇති දර්ශන ලබාගෙන වැඩිදුරටත් විමර්ශනය කළ යුතු බව ද එහිදී කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම අල්ලස් පනතේ 125 වගන්තියේ 2වන උප වගන්තිය අනුව එක් නඩුවක් ගොනු කර තිබු අතර තවත් නඩුවක් කෙසෙල්වත්ත පොලිසිය වෙනම පවරා ඇති බව ද සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය ඇප ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ සීසීටීවී දර්ශන ලබාගෙන විමර්ශන කටයුතු සිදු කෙරෙන බැවින් ඇප ප්‍රතික්ෂේප කරන බවයි.

එලෙසම ඇයට සිංහල කතා කිරිමට නොහැකි බව පැවසු නීතිඥවරු ඇමතු මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ ”උබලා මරනවා” සහ ”මම මැරෙනවා” යැයි පැවසීම අතර වෙනත් අර්ථයක් නොමැතිදැයි කියාය.

නීතිඥවරු ඊට පිළිතුරක් ලබා දී නැහැ.

  1. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නයි ඕන.ඔය වගේ බලපුළුවන්කාර අය තමයි මේ රටේ උපරිම වැරදි කරලා තියෙන්නේ මේ දක්වා ඒ නිසා දැන්වත් හරිහැටි නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16