UPDATE:වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිදුවීමේ සැකකරු ඇල්ලීමට පොලිස් කණ්ඩායම් 05ක් – වර්ජනයකුත් ඇරඹෙයි (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිදුවීමට අදාළ සැකකරු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇති බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

මෙම අපරාධය සිදු කළ සැකකරු හමුදාවෙන් පලා ගිය අයෙකු බවට ද තොරතුරු අනාවරණය වී තිබෙනවා.

UPDATE: 2.36PM – 2025/03/11

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු වහාම අත් අඩංගුවට ගන්නා ලෙස බල කරමින් එම රෝහල් කාර්‍යය මණ්ඩලය සිය රාජකාරී කටයුතුවලින් ඉවත් ව තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (11) පෙරවරුවේ සිට බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කිරීම් පවා මේ තත්ත්වය මත නතර කර ඇති බවටයි.

ඊයේ (10) රාත්‍රී 6.30ත් 07ත් අතර කාලයේ දී ලිංගික හිංසනයට ලක් වූ 32 හැවිරිදි වෛද්‍යවරිය සිය සේවා කටයුතු අවසන් වී රජයෙන් ඔවුන්ට ලබා දී තිබෙන නේවාසිකාගාරය වෙත ගොස් තිබෙනවා.

එහිදී නාඳුනන පුද්ගලයෙකු පැමිණ පිහියක් පෙන්වා මරණ බවට තර්ජනය කරමින් වෛද්‍යවරිය ව ලිංගික හිංසනයට ලක් කර පලා ගොස් ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
8
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17
Video thumbnail
මන්ද බුද්ධික පාලකයන්ව ස්වභාව ධර්මයෙන් ඉවත් කරනවා..රන්වලගේ කෙරුවාව හොඳටම දන්නේ රනිල්
05:20
Video thumbnail
බාල බෙහෙත් ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:17
Video thumbnail
මුන් තියන් ඉන්නේ කකුල් දෙක මිරිකන්නද?..මාලිමාවට හැමදාම බලය නෑ..බලය ටික කාලයයි
05:17
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18


?