UPDATE:ඊශ්‍රායලයේ ආක්‍රමණශීලීත්වයට එරෙහි හමුදා සටන් අවසන් මිනිත්තුව තෙක් – ඉරාන විදේශ අමාත්‍ය

ඊශ්‍රායලයේ ආක්‍රමණශීලීත්වයට දඬුවම් කිරීම සඳහා අපගේ බලවත් සන්නද්ධ හමුදාවන්ගේ හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා පැවතුණ බව ඉරාන විදේශ අමාත්‍ය Abbas Araghchi නිවේදනය කරනවා.

Abbas Araghchi විසින් සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ, සියලුම ඉරාන වැසියන් සමඟ එක්ව, අපගේ ආදරණීය රට ආරක්ෂා කිරීමට අවසන් ලේ බිංදුව දක්වා සූදානම්ව සිටින සහ සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට අවසාන මිනිත්තුව දක්වා ප්‍රතිචාර දැක්වූ අපගේ නිර්භීත සන්නද්ධ හමුදාවන්ට තමන් ස්තුතිවන්ත වන බවයි.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් පූර්ණ සටන් විරාමයක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉරාන විදේශ අමාත්‍යවරයා ද තරයේ ම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ වන විට, කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු “ගිවිසුමක්” නොමැති බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත්, ඊශ්‍රායල තන්ත්‍රය ඉරාන ජනතාවට එරෙහි නීති විරෝධී ආක්‍රමණය ටෙහෙරාන් වේලාවෙන් අලුයම 4ට පෙර නතර කළහොත්, මෙම යුද්ධය දීර්ඝ වශයෙන් සිදු කිරීමේ අවශ්‍යතාවක් තම රටට ද නොමැති බවයි විදේශ අමාත්‍යවරයා නිවේදනය කර ඇත්තේ.

ඉරාන හමුදා මෙහෙයුම් නැවැත්වීම පිළිබඳ අවසාන තීරණය පසුව ගනු ඇති බවත් එම X පණිවිඩයේ සඳහන්.

මේ අතර කටාර් රාජ්‍යය ද වසා දැමුණු ගුවන් කලාපය යළිත් විවෘත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26