UNP ප්‍රධාන සංවිධායක ධුරයක් අල්හාජ් මොහොමඩ්ට

බේරුවල හිටපු නගර සභාපති අල්හාජ් මසාහිම් මොහොමඩ් මහතා එම ප්‍රාදේශිකයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට පත් කර තිබෙනවා.

අද (09) පෙරවරුවේ එම ධුරයේ නිල පත්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අල්හාජ් මහතා වෙත පිරිනමනු ලැබුවා.

ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණ පක්ෂයේ සහයෝගයෙන් ස්වාධීනව පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අල්හාජ් මසාහිම් මොහොමඩ් මහතා බේරුවල නගර සභාපති ලෙස නිල කාලය අවසන් වීමෙන් අනතුරුව පසුගිය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම අනුව සමගි ජන බලවේගය හා එක්වුවත් අවසානයේ ඔහුට නාමයෝජනා අවස්ථාව නොලැබුණු බවයි හෙතෙම පවසා ඇත්තේ.

ඒ හේතුවෙන් සමගි ජන බලවේගය හා කලකිරී සිටි ඒ මහතා ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ශක්තියක් වීමට මෙම මැතිවරණයේ දී කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂ බේරුවල ආසන සංවිධායක ධුරය භාරගත් බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ,කළුතර හිටපු නගරාධිපති අමීර් නසීර් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
7
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි.."සුද්දට ගිය රටක් වගේ මේක"
01:37
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..මෝටර් රථයක් දුම්රියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
ඔයාලාට මානසික රෝගයක් තියෙන්නේ..මනෝ ගනේෂන් නහුතෙටම තදවෙයි
04:59
Video thumbnail
ඔයාලා වගෙ කොන්ද පණ නැති රූකඩ නෙවෙයි රටවල් පාලනය කළේ..ඔයා ඉරානයට දෝහිකම් කළා
07:50