UNDP නේවාසික නියෝජිත අසූසා කුබෝටා හා කථානායක අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පසුගියදා (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වුණා.

මෙම අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා ද එක්ව සිටියා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ එළිදැක්වෙන 2025 වසරට අදාළ මානව සංවර්ධන වාර්තාව කථානායකතුමන් වෙත පිළිගැන්වීම මෙහිදී සිදු කෙරුණා.

”කෘත්‍රීම බුද්ධිය (Artificial Intelligence/ AI) යුගයේ මිනිසුන් සහ හැකියාවන්” යන්න මෙවර මානව සංවර්ධන වාර්තාවේ මූලික තේමාව වන අතර, ඒ ඔස්සේ කෘත්‍රීම බුද්ධිය නිවැරැදිව භාවිත විය යුතු ආකාරය පිළිබඳව මෙම වාර්තාවේ සාකච්ඡා කර තිබෙනවා.

රටක් සංවර්ධනය කිරීමට, එරට ආර්ථිකය සහ සමාජය හැඩගැස්වීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය යොදාගෙන ජනතාවගේ පරිකල්පනය බළ මුළු ගැන්වීමට උපකාරී වීම මෙම මානව සංවර්ධන වාර්තාවේ මූලික අරමුණ වන බව එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසහටනේ නියෝජිත අසූසා කුබෝටා මහත්මිය ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු සංවර්ධන සැලැස්මේ ඉදිරි වැඩකටයුතු පිළිබදවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබදව ජනතාව දැනුවත් කිරිමේ අරමුණින් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දිවයින පුරා සිදු කිරීම පිළිබඳවත් මෙම අවස්ථාවේදී සාකච්ඡා කෙරුණා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්‍ය මන්ඩලය සදහා දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේ දී පැවැත්වීමට අපේක්ෂා කරන බව අසූසා කුබෝටා කථානායකතුමන්
වෙත ප්‍රකාශ කළා.

ඒ අනුව වත්මන් නව දේශපාලන පරිවර්තනයත් සමග අල්ලස හා දූෂණයට විරුද්ධව ක්‍රියා මාර්ග රැසක් ගනිමින් සිටින බවත් කථානායකතුමන් විසින් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.

ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් සදහා පාර්ලිමේන්තු අධ්‍යයන සහ පුහුණු පර්යේෂණ ආයතනයක් පාර්ලිමේන්තුව මගින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් මෙම අවස්ථාවේදී
සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03