‘TV Derana’ Youtube නාළිකාවට දරුණු හැකර් ප්‍රහාරයක්

දෙරණ මාධ්‍ය ජාලයට අයත් ‘TV Derana’ නිල Youtube නාළිකාවට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

එම Youtube නාළිකාවේ ප්‍රදර්ශනය කරමින් තිබූ දෙරණ නාළිකාවේ නිල ලාංඡනය ඉවත්කොට Twitter සමාජ ජාල අඩවියේ ලාංඡනයක් ප්‍රදර්ශනය කිරීමට හැකර්වරු කටයුතු කර තිබෙනවා.

එමෙන්ම Twitter සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Jack Dorsey සහභාගීවන සජීවී වැඩසටහනක් මේ වන විට TV Derana Youtube නාළිකාවේ විකාශය කෙරෙමින් පවතිනවා.

Youtube TV Derana Hacked

TV Derana Twitter Live

දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතාද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර ඇත්තේ ‘TV Derana’ Youtube නාළිකාවට හැකර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි.

Dilith Jayaweera Fb Status
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?