T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් උඩු යටිකුරු කරමින් ෂර්මා ඉදිරියටම

ජාත්‍යන්තර T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හි පෙබරවාරි මස 04 වැනි දිනට සිදු කළ යාවත්කාලීන කිරීම් අනුව ඉන්දීය නවකයෙකුට එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට හැකි ව තිබෙනවා.

ඒ ඉන්දීය ක්‍රීඩක අභිෂේක් ෂර්මා හට යි.

ප්‍රසාද ලකුණු 829ක් පසුගියදා නිමාවට පත් එංගලන්ත තරගාවලියේ දී ලබාගත් දක්ෂතා හේතුවෙන් අභිෂේක් මෙම ස්ථානය දිනාගෙන තිබෙනවා.

අභිෂේක් ෂර්මා ස්ථාන 38ක් පසුකරමින් නව ප්‍රගතිය අත්පත් කරගෙන තිබෙනවා.

මේ හේතුවෙන් T20 ලැයිස්තුවේ ඉහළ සිටි ප්‍රබලයෝ රැසක් එක් ස්ථානය බැගින් පහතට ඇද වැටී තිබෙනවා.

ඒ අනුව තිලක් වර්මා, ෆිල් සෝල්ට්, සූර්‍යයකුමාර් යාදව්, ජොස් බට්ලර්, බාබර් අසාම්, පැතුම් නිස්සංක සහ මොහොමඩ් රිස්වාන් හට සිය ස්ථාන අහිමි ව ඇති බවයි වාර්තා වන්නේ.

T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් කෙතරම් උඩු යටිකුරු කළ ද තවමත් මෙම ලැයිස්තුවේ පෙරමුණ සිටින්නේ ඔස්ට්‍රෙලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ්.

මේ අතර T20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් හි සිය පළමු තැන යළිත් ලබා ගන්නට කොදෙව් ක්‍රීඩක අකීල් හොසේන්ට හැකිව තිබෙනවා.

ඒ ආඩිල් රෂීඩ් දෙවැනි තැනට පත් කරමින්.

වරුන් චක්‍රවර්තී එංගලන්තයට එරෙහිව පූනේ හිදී පසුගියදා දැක්වූ කුසලතා හේතුවෙන් ස්ථාන 03කින් ඉදිරියට පැමිණ තුන්වැනි තැනට පත් ව තිබෙනවා.

ඉන්දීය ක්‍රීඩක රවී බිෂ්නොයි ස්ථාන 04කින් ඉහළට පැමිණ සිය ස්ථානය 06 දක්වා පත් කරගෙන ඇති අයුරු දක්නට ලැබෙනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග එක් ස්ථානයකින් පහත බැස ඇත්තේ සිය ස්ථානය 04 බවට පත් කරගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46