AFC Banner
Empty Ad
Empty Ad

T20 කාන්තා ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව සහ කොදෙව් තරගය අද

පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ තෙවැනි තරගය අද (04) ආරම්භ වනවා.

ඒ ඩුබායි ක්‍රීඩාංගණයේ දී පස්වරු 3.30ට.

බී කාණ්ඩය යටතේ අද දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව්ව ක්‍රීඩිකාවන් තරග වදිනවා.

දෙපාර්ශ්වය මෙම තරගාවලියේ මුහුණදෙන පළමු තරගය මෙයයි.

දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවන් 24 වතාවක් එකිනෙකා හමු වී ඇති අතර වැඩි වාසි හිමිව ඇත්තේ බටහිර ඉන්දීය ක්‍රීඩිකාවන්ටයි.

ඔවුන් තරග 14ක් ජයගෙන තිබෙනවා.

තරග 04ක් පමණක් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් ජයගෙන තිබෙන අතර සෙසු තරග ජය පරාජයෙන් තොරව නිමා වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?