T20 කාන්තා පිතිකරණ ලැයිස්තුවේ චමරිට උසස් වීමක්

ICC පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් පිතිකාරිණියන්ගේ ලැයිස්තුවේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

චමරිට නවතම ශ්‍රේණිගත කිරීම් හි හිමිව ඇත්තේ 08 වැනි ස්ථානයයි.

මෙම වසරේ දී ප්‍රතිවාදී ඉන්දියාවට එරෙහිව දඹුල්ලේ දී දැක්වූ දක්ෂතාව මීට හේතුව බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වාදෙන්නේ.

චමරි අතපත්තු ප්‍රසාද ලකුණු 670ක් මෙම ස්ථානය දිනාගැනීම වෙනුවෙන් ලබාගෙන සිටිනවා.

පන්දුවාර 20-20 කාන්තා පිතිකාරිණියන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය ඔස්ට්‍රෙලියාවේ බෙත් මූනිටත්, දෙවැනි තැන ටහිලා මැක්ග්‍රාත්ටත්; තෙවැනි ස්ථානය ස්ථාන 03ක් ඉදිරියට එමින් කොදෙව් ක්‍රීඩිකා හෙලි මැතිව්ස්ටත් හිමිව තිබෙනවා.

ස්ම්‍රිති මන්දනා ද එක් ස්ථානයක් ඉදිරියට එමින් සිව්වැනි තැනට පත් ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?