T20 කාන්තා පිතිකරණ ලැයිස්තුවේ චමරිට උසස් වීමක්

ICC පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් පිතිකාරිණියන්ගේ ලැයිස්තුවේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

චමරිට නවතම ශ්‍රේණිගත කිරීම් හි හිමිව ඇත්තේ 08 වැනි ස්ථානයයි.

මෙම වසරේ දී ප්‍රතිවාදී ඉන්දියාවට එරෙහිව දඹුල්ලේ දී දැක්වූ දක්ෂතාව මීට හේතුව බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පෙන්වාදෙන්නේ.

චමරි අතපත්තු ප්‍රසාද ලකුණු 670ක් මෙම ස්ථානය දිනාගැනීම වෙනුවෙන් ලබාගෙන සිටිනවා.

පන්දුවාර 20-20 කාන්තා පිතිකාරිණියන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය ඔස්ට්‍රෙලියාවේ බෙත් මූනිටත්, දෙවැනි තැන ටහිලා මැක්ග්‍රාත්ටත්; තෙවැනි ස්ථානය ස්ථාන 03ක් ඉදිරියට එමින් කොදෙව් ක්‍රීඩිකා හෙලි මැතිව්ස්ටත් හිමිව තිබෙනවා.

ස්ම්‍රිති මන්දනා ද එක් ස්ථානයක් ඉදිරියට එමින් සිව්වැනි තැනට පත් ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14