T10 තරග ඉතිහාසයේ පන්දු යවන්නෙක් වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට පාකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට පසුගිය දා හැකියාව ලැබුණා.
ඒ, මේ දිනවල සිම්බාබ්වේ හිදී පැවැත්වෙන සිම්බාබ්වේ ඇෆ්රෝ T10 තරගාවලියේ දීයි.
මෙම තරගාවලියේ පෙරේදා (21) පැවති ජොහැන්නස්බර්ග් බෆලෝස් සහ බුලවායෝ බ්‍රේව්ස් කණ්ඩායම් අතර තරගයේ දී ඔහු මෙම දස්කම දැක්වීමට සමත් වුණා.
ජොහැන්නස්බර්ග් බෆලෝස් පිළ නියෝජනය කරන මොහොමඩ් හෆීස් බ්‍රේව්ස් කණ්ඩායමට එරෙහිව පන්දුවාර 02ක් යවමින් ලකුණු 04කඩුලු 06ක් දවාගැනීමට සමත් වුණේ ජොහැන්නස්බර්ග් පිළේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින්.
මෙහිදී සිකන්දර් රාසා, රයන් බර්ල්, තිසර පෙරේරා, ටිමිසන් මරුමා, ටයිමල් මිල්ස් සහ තනුනුර්ව මකොනි, මොහොමඩ් හෆීස්ගේ ගොඳුරු බවට පත් වුණා.
හෆීස්ගේ මෙම සුපිරි පන්දු යැවීමත් සමඟ ජොහැන්නස්බර්ග් කණ්ඩායම මෙම තරගය ලකුණු 10කින් ජයගත්තා.




