T10 තරග ඉතිහාසය වෙනස් කළ හෆීස්ගේ දඟ පන්දුව (වීඩියෝ)

T10 තරග ඉතිහාසයේ පන්දු යවන්නෙක් වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට පාකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට පසුගිය දා හැකියාව ලැබුණා.

ඒ, මේ දිනවල සිම්බාබ්වේ හිදී පැවැත්වෙන සිම්බාබ්වේ ඇෆ්රෝ T10 තරගාවලියේ දීයි.

මෙම තරගාවලියේ පෙරේදා (21) පැවති ජොහැන්නස්බර්ග් බෆලෝස් සහ බුලවායෝ බ්‍රේව්ස් කණ්ඩායම් අතර තරගයේ දී ඔහු මෙම දස්කම දැක්වීමට සමත් වුණා.

ජොහැන්නස්බර්ග් බෆලෝස් පිළ නියෝජනය කරන මොහොමඩ් හෆීස් බ්‍රේව්ස් කණ්ඩායමට එරෙහිව පන්දුවාර 02ක් යවමින් ලකුණු 04කඩුලු 06ක් දවාගැනීමට සමත් වුණේ ජොහැන්නස්බර්ග් පිළේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින්.

මෙහිදී සිකන්දර් රාසා, රයන් බර්ල්, තිසර පෙරේරා, ටිමිසන් මරුමා, ටයිමල් මිල්ස් සහ තනුනුර්ව මකොනි, මොහොමඩ් හෆීස්ගේ ගොඳුරු බවට පත් වුණා.

හෆීස්ගේ මෙම සුපිරි පන්දු යැවීමත් සමඟ ජොහැන්නස්බර්ග් කණ්ඩායම මෙම තරගය ලකුණු 10කින් ජයගත්තා.

https://youtu.be/NMicpdsTUNA


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01