දික්ඕවිට වාරයේදී නාකොටික් භාරයට ගත් සැකකරුවන් ගැන වතගොත එළියට

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් ගැඹුරු මුහුදේ දී මත්ද්‍රව්‍ය හා ගිනි අවි සමඟ සැකකරුවන් 05 දෙනෙකු ගමන් කරමින් තිබු ධීවර යාත්‍රාවක් සහ ඊට සමගාමීව සැකකරුවන් 05 දෙනෙක් ගමන් කරමින් තිබූ ධීවර යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන ඊයේ (12) දින දික්ඕවිට ධීවර වරායට රැගෙන ඒමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 22 ත් 49 අතර වයස්වල පසුවන ඉරණවිල, මහවැව, මැල්සිරිපුර, වෙන්නප්පුව, මීගමුව, නාකුළුගම, තංගල්ල, නෙටොල්පිටිය හා ගන්දර ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හෙරොයින් කිලෝග්‍රෑම් 176 ග්‍රෑම් 568 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 478 ග්‍රෑම් 326 ක් සන්තකයේ තබාගැනීම, ආනයනය හා ජාවාරම් කිරීම පිස්තෝල අවි 08 ක්, මැගසින් 15 ක්, ටී 56 අවි 02 ක්, M 16 වර්ගයේ ගිනි අවියක් හා එම මැගසින් 04 ක් ආනයනය කිරීම හා සන්තකයේ තබාගැනීම, එම වැරදි සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37