අබිලි ලෙස ඉවත් කර තිබූ වාහන නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රභූ ආරක්ෂක රාජකාරි සිදු කරනු ලැබ භාවිතයෙන් ඉවත්කරන ලද ලෑන්ඩ්රෝවර් රථ 4ක් හා ප්‍රභූ ආරක්ෂකාරී කටයුතු සිදුකිරීමේදී යොදාගන්නා අධිවේගී ගිලන් රථයක්, යතුරුපැදි 02 ක්, පසුගිය යුධ සමයේ භාවිතා කල APC රථයක් මෙලෙස අළුත්වැඩියා කර රජයට රුපියල් මිලියන 67.5 ක මුදලක් ඉතිරිකර දීමට විශේෂ කාර්ය බලකාය රථවාහන කොට්ඨාශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.
මෙම රථවල වෙළඳපොල වටිනාකම රු. මිලියන 75 ක් පමණ වන බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ..
විශේෂ කාර්ය බලකායේ හිටපු අධ්‍යක්ෂ ප්‍රවාහන ජේෂ්ඨ පොලිස් අධිකාරි සරච්චන්ද්‍ර පෙරේරා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රවාහන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම අලුත්වැඩියා කටයුතු සිදුකර තිබෙනවා.
ඊයේ(02) පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ දී නවීකරණය කර ලද මෙම වාහන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා පරික්ෂාවට ලක් කල අතර එම අවස්ථාවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරී නියෝජ්‍ය පොලිස් නීතිඥ වරැණ ජයසුන්දර, විශේෂ කාර්ය බලකාය අධ්‍යක්ෂ ප්‍රවාහන සහකාර පොලිස් අධිකාරී වත්තේගෙදර යන මහත්වරු හා ප්‍රවාහන කොට්ඨාසයෙ නිලධාරීන්ද සහභාගී වී තිබෙනවා














