STF , රජයට මිලියන 67ක් ඉතිරි කර දුන් විදිහ

අබිලි ලෙස ඉවත් කර තිබූ වාහන නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රභූ ආරක්ෂක රාජකාරි සිදු කරනු ලැබ භාවිතයෙන් ඉවත්කරන ලද ලෑන්ඩ්රෝවර් රථ 4ක් හා ප්‍රභූ ආරක්ෂකාරී කටයුතු සිදුකිරීමේදී යොදාගන්නා අධිවේගී ගිලන් රථයක්, යතුරුපැදි 02 ක්, පසුගිය යුධ සමයේ භාවිතා කල APC රථයක් මෙලෙස අළුත්වැඩියා කර රජයට රුපියල් මිලියන 67.5 ක මුදලක් ඉතිරිකර දීමට විශේෂ කාර්ය බලකාය රථවාහන කොට්ඨාශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

මෙම රථවල වෙළඳපොල වටිනාකම රු. මිලියන 75 ක් පමණ වන බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ..

විශේෂ කාර්ය බලකායේ හිටපු අධ්‍යක්ෂ ප්‍රවාහන ජේෂ්ඨ පොලිස් අධිකාරි සරච්චන්ද්‍ර පෙරේරා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රවාහන කොට්ඨාශයේ නිලධාරීන් විසින් මෙම අලුත්වැඩියා කටයුතු සිදුකර තිබෙනවා.

ඊයේ(02) පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ දී නවීකරණය කර ලද මෙම වාහන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා පරික්ෂාවට ලක් කල අතර එම අවස්ථාවට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරී නියෝජ්‍ය පොලිස් නීතිඥ වරැණ ජයසුන්දර, විශේෂ කාර්ය බලකාය අධ්‍යක්ෂ ප්‍රවාහන සහකාර පොලිස් අධිකාරී වත්තේගෙදර යන මහත්වරු හා ප්‍රවාහන කොට්ඨාසයෙ නිලධාරීන්ද සහභාගී වී තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39