නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරියෙකු විසින් මුගුරකින් පහරදී පුද්ගලයකෙු ඝාතනය කර තිබෙනවා.
ඝෘතනයට ලක්වු පුද්ගලයා සහ මෙම නිළධාරීයා අතර පවුල් ආරවුලක් හේතුවෙන් බහින් බස් වීමක් හටගෙන ඇති අතර එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බව සදහන්.
එහිදි ඝාතනයට ලක්වු තැනැත්තා විසින් සැකකරුට තියුණු ආයුධයකින් පහරදිමට උත්සහ කළ අවස්ථාවේ ඔහු විසින් එම පුද්ගලයාගේ හිසට මුගුරකින් පහරදීමක් සිදුකර තිබෙනවා.
පහරදීමෙන් පසු එම පුද්ගලයා නාවලපිටිය පොලිස් ස්ථානයට දුරකතනය හරහා දැනුම් දීමක් සිදුකර භාර වී ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරක සේවය කරන නිළධාරීයෙකු වන අතර මියගිය පුද්ගලයා සැකකරුගේ සහෝදරියකගේ නිත්‍යාකූල සැමියා බවට අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



