Empty Ad
Empty Ad
 Empty Ad

SLFP වැඩ බලන සභාපති ඇමති සිරිපාල කැඳවූ රැස්වීමට උසාවියෙන් අවසරයක්?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් අද (19) දින කැඳවා තිබෙන පක්ෂ විධායක සභා රැස්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

ඒ අනුව විත්තිකරුවන්ට නොතීසි පමණක් නිකුත් කිරීමට තීරණය කළ අධිකරණය නඩුව නැවත ජූලි මස 03 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙකු වන හෙක්ටර් බෙත්මගේ ඇතුළු පිරිසක් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව වැඩ බලන සභාපති තනතුරක් නොමැති බව සඳහන් කළා.

ඒ අනුව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එම පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් නම් කරමින් අද දින දහවල් 2.30 ට පක්ෂයේ විධායක සභා රැස්වීමක් කැඳවමින් ලිපියක් නිකුත් කර ඇති බවත් එම ක්‍රියාව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

එබැවින් අදාළ රැස්වීම පැවැත්වීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් නිමල් සිරිපාලද සිල්වාට ඉදිරියේ දී මෙවැනි රැස්වීම් කැඳවීම වළක්වාලන තවත් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී විත්තිකාර නිමල් සිරිපාල ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති රූපසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වාට එම ධුරයේ කටයුතු කිරීමට බාධා සහ අවහිර නොකරන ලෙස දන්වා අධිකරණවලින් වාරණ නියෝග නිකුත් කර තිබෙන බව කියා සිටියා.

ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වාට පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට හැකියාව තිබෙන බව අධිකරණය විසින් ද පිළිගෙන ඇතැයි සඳහන් කළ නිතිඥවරයා නිමල් සිරිපාල ද සිල්වා වැඩබලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් මේ දක්වා කිසිදු නඩුවක් ඉදිරිපත් වී නොමැති බවත් කියා සිටියා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා තිබූ වාරණ නියෝග නිකුත් නොකරන බවත් වගඋත්තරකරුවන්ට නොතිසි පමණක් නිකුත් කරන බවත් නියෝග කළා.

ඉන් අනතුරුව නඩුව ජූලි මස 03 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලේ වැල් නැතිවුණ සජබයට - මැද කොළඹ ඡන්දත් නැතිවුණ හේතුව මෙන්න
02:04
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:24:06
Video thumbnail
පාර්ලිමේන්තුවේ කැන්ටිමේ කෙරුවාව එළියට - "ගෙදර කනවා වගේ රහක් ඇත්තෙත් නෑ"
03:49
Video thumbnail
සජිත් ප්‍රේමදාසගේ නායකත්වය මේ රටේ මිනිස්සු තවදුරටත් පිළිගයි ද?
05:21
Video thumbnail
කම තනතුරක්වත් ස්ථීර නෑ - ප්‍රභල පක්ෂ දියාරුවෙලා යන්න හේතුව මෙන්න
03:56
Video thumbnail
සජබයේ ජාතික ලැයිස්තු නම් ප්‍රමාදයට හේතුව එළියට #sajithpremadasa
03:56
Video thumbnail
සජිත් රනිල් එකතුවෙයි ? - රනිල් සජිත් අතර වෙනස ප්‍රබලයෙක් කියයි
05:58
Video thumbnail
පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි දේශපාලන හයියෙන් මිහින්තලාවට සිදුකරන විනාශය
13:33
Video thumbnail
පාස්පෝට් කන්තෝරුවට පැන්න පාතාලයෝ ඩෙගා නටයි - "මම Journalist කෙනෙක් - මට Video කරන්න අයිතියක් තියෙයි"
02:01
Video thumbnail
අකුරට හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහෙමයි
13:00

?