RCB කණ්ඩායම කල් වේලා ඇතිව IPL 2025 අවසන් මහා සටනට

IPL 2025 තරගාවලියේ වේලාසනින් ම අවසන් මහා තරගයට පිවිසීමට රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම සමත් වුණා.

ඒ ඊයේ (29) රාත්‍රියේ නව චාන්දිගර් නුවර දී පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම 08කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ RCB නායක ජිතේෂ් ශර්මා පළමු ව පන්දු රැකීමට තීරණය කළා.

ඒ ඇරයුමෙන් පළමු ව පිතිකරණයට පැමිණි PBKS සියලු දෙනා ලකුණු 101කට දැවී ගියා.

RCB වෙනුවෙන් සුයාශ් ශර්මා සහ ජොෂ් හේසල්වුඩ් කඩුලු තුන බැගින් දවා ගත්තා.

යාශ් දයාල් කඩුලු දෙකක් සහ එක් කඩුල්ල බැගින් භුවනෙෂර් කුමාර් සහ රොමාරියෝ ෂෙපර්ඩ් විසින් බිඳ හෙලනු ලැබුවා.

තරගය ජයග්‍රහණයට ඉතා පහසු ඉලක්කයක් හඹා ගිය RCB කණ්ඩායම කඩුලු 02ක් පමණක් දැවී සිය ජයග්‍රහණය සපථ කළා.

පිල් සෝල්ට් නොදැවී ලකුණු 56යි.

මෙම ජයත් සමග එළඹෙන ජුනි 03 අහමදාබාද් හි දී පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීගයේ අවසන් මහා තරගයට පිවිසීමට RCB කණ්ඩායම සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59