PUBG හරහා මුණගැසුණු කාන්තාවගේ සහ තරුණයාගේ ආදර කතාව සිරගෙදරින් අවසන්වෙයි

ජනප්‍රිය ඔන්ලයින් ක්‍රීඩාවක් වන PUBG හරහා මුණගැසුණු කාන්තාවක් සහ තරුණයකුගේ ආදර කතාවක් සිරගෙදරකින් අවසන් වීමේ පුවතක් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය අඟහරුවදා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ 27 හැවිරිදි පාකිස්ථාන ජාතික විවාහක කාන්තාවක් සහ 22 හැවිරිදි ඉන්දීය තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව සහ තරුණයා PUBG ඔන්ලයින් ක්‍රීඩාව හරහා එකිනෙකා හඳුනාගෙන දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩනැඟී තිබෙනවා.

පසුව අදාළ කාන්තාව සිය දරුවන් සිව්දෙනා කැටුව තරුණයා සමඟ ජීවත්වීමට නීති විරෝධී අන්දමින් ඉන්දියාවට පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එලෙස පැමිණි පසු ඔවුන් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නගරයක් වන ග්‍රේටර් නොයිඩා හි මාසයකට වැඩි කාලයක් රැඳී සිටි ඇති අතර එලෙස රැඳී සිටින අතර තුරයි මෙම යුවළ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ සීමා ගුලාම් හයිඩර් නැමැති මෙම කාන්තාව 2014 පෙබරවාරි මාසයේ දී පුද්ගලයෙකු සමඟ විවාහ වී ඇති බවයි.

එම විවාහයෙන් ඔවුන්ට දරුවන් සිව්දෙනෙක් ද සිටින අතර, ඇයගේ සැමියා කලකට පෙර රැකියාවක් සඳහා සෞදි අරාබියට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැමියා එලෙස විදෙස් ගතවූ පසු දරුවන් සමඟ තනිව නිවසේ රැඳී සිටින අවස්ථාවේ ඔන්ලයින් ක්‍රීඩාවක් වන PUBG ක්‍රීඩා කිරීමට මෙම කාන්තාව හුරු වී තිබෙනවා.

එලෙස ක්‍රීඩාකරන අතර තුර හඳුනාගත් 22 හැවිරිදි සචින් මීනා නැමැති ඉන්දීය තරුණයා හඳුනාගෙන ඇති අතර, දෙදෙනා අතර දුරකථන අංක ද හුවමාරුකරගෙන පසුව කතාබස් කිරීම අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දෙදෙනා ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගෙන කලක සිට එය පවතවාගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ කාන්තාව තරුණයා සමඟ එකට ජීවත්වීමේ අරමුණින් ඉන්දියාවට පැමිණෙන බවට පවසා ඇයගේ සැමියාගේ දේපළ සහ රන් ආභරණ විකුණා ඒ සඳහා මුදල් සොයාගැනීමෙන් අනතුරුව ඇය නීති විරෝධී ආකාරයට ඉන්දියාව ඇතුළු වී ඇති බව සඳහන්.

එලෙස පැමිණි මෙම කාන්තාව තරුණයා මුණගැසීමෙන් පසු දෙදෙනා එකට ජීවත්වීම අරඹා ඇති අතර, ඒ අතර තුරයි දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එලෙස අත්අඩංගුවට ගැනුණු යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක කාලයක් රක්ෂිත බන්ධනගාර ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
27
+1
4
+1
3
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21


?