PUBG හරහා මුණගැසුණු කාන්තාවගේ සහ තරුණයාගේ ආදර කතාව සිරගෙදරින් අවසන්වෙයි

ජනප්‍රිය ඔන්ලයින් ක්‍රීඩාවක් වන PUBG හරහා මුණගැසුණු කාන්තාවක් සහ තරුණයකුගේ ආදර කතාවක් සිරගෙදරකින් අවසන් වීමේ පුවතක් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය අඟහරුවදා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ 27 හැවිරිදි පාකිස්ථාන ජාතික විවාහක කාන්තාවක් සහ 22 හැවිරිදි ඉන්දීය තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාව සහ තරුණයා PUBG ඔන්ලයින් ක්‍රීඩාව හරහා එකිනෙකා හඳුනාගෙන දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩනැඟී තිබෙනවා.

පසුව අදාළ කාන්තාව සිය දරුවන් සිව්දෙනා කැටුව තරුණයා සමඟ ජීවත්වීමට නීති විරෝධී අන්දමින් ඉන්දියාවට පැමිණ ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එලෙස පැමිණි පසු ඔවුන් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නගරයක් වන ග්‍රේටර් නොයිඩා හි මාසයකට වැඩි කාලයක් රැඳී සිටි ඇති අතර එලෙස රැඳී සිටින අතර තුරයි මෙම යුවළ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ සීමා ගුලාම් හයිඩර් නැමැති මෙම කාන්තාව 2014 පෙබරවාරි මාසයේ දී පුද්ගලයෙකු සමඟ විවාහ වී ඇති බවයි.

එම විවාහයෙන් ඔවුන්ට දරුවන් සිව්දෙනෙක් ද සිටින අතර, ඇයගේ සැමියා කලකට පෙර රැකියාවක් සඳහා සෞදි අරාබියට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැමියා එලෙස විදෙස් ගතවූ පසු දරුවන් සමඟ තනිව නිවසේ රැඳී සිටින අවස්ථාවේ ඔන්ලයින් ක්‍රීඩාවක් වන PUBG ක්‍රීඩා කිරීමට මෙම කාන්තාව හුරු වී තිබෙනවා.

එලෙස ක්‍රීඩාකරන අතර තුර හඳුනාගත් 22 හැවිරිදි සචින් මීනා නැමැති ඉන්දීය තරුණයා හඳුනාගෙන ඇති අතර, දෙදෙනා අතර දුරකථන අංක ද හුවමාරුකරගෙන පසුව කතාබස් කිරීම අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දෙදෙනා ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගෙන කලක සිට එය පවතවාගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ කාන්තාව තරුණයා සමඟ එකට ජීවත්වීමේ අරමුණින් ඉන්දියාවට පැමිණෙන බවට පවසා ඇයගේ සැමියාගේ දේපළ සහ රන් ආභරණ විකුණා ඒ සඳහා මුදල් සොයාගැනීමෙන් අනතුරුව ඇය නීති විරෝධී ආකාරයට ඉන්දියාව ඇතුළු වී ඇති බව සඳහන්.

එලෙස පැමිණි මෙම කාන්තාව තරුණයා මුණගැසීමෙන් පසු දෙදෙනා එකට ජීවත්වීම අරඹා ඇති අතර, ඒ අතර තුරයි දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එලෙස අත්අඩංගුවට ගැනුණු යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක කාලයක් රක්ෂිත බන්ධනගාර ගතකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
27
+1
4
+1
3
+1
5
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36