PHI සංගමය භය නැතුව ඇත්තක් හෙළිකරයි – කවුරුත් නොදන්න දැඩි අවදානම් තත්ත්වය

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළ ද ජනතාවගේ සංචරණය සම්පූර්ණයෙන් සීමානොවීම තුළ අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම දුෂ්කරවනු ඇතිබව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ, අත්‍යවශ්‍ය කටයුතු සිදුකරන මුවාවෙන් ඇතැම් පුද්ගලයින් නිරෝධායන ඇඳිරිනීති කාලය තුළ සැරිසරණ අකාරය දක්නට ලැබෙන බවය. “දැනට දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව ඒ විදිහටම තවදුරටත් වැඩිවෙමින් තිබෙනවා. ඒ වාගේම සංඛ්‍යාත්මකව ගත්විට ආසාදිතයින් වැඩිවෙමින් යනවා.

නමුත් ගැටලුව තිබෙන්නේ නිරෝධායන කාලසීමාව ආරම්භ කරලා තවමත් දින 14ක් ගෙවීගොස් නැහැ. නිරෝධායන ඇඳිරිනීතිය ආරම්භකළ දිනයේ සිට දින 14ක අවම කාලයක් ගෙවීගිය පසු අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසයේ දෙවන සතියේ වන විට යම් තරමක අඩුවීමක් මෙහි දකින්නට ලැබෙයි කියලා. නමුත් අපේක්ෂිත ප්‍රතිඵල 100%ක් අපට ලැබෙන්නේ නැහැ.

මොකද මේ පවතින නිරෝධායන ඇඳිරිනීතිය තුළ ජනතාවගේ සංචරණය සම්පුර්ණයෙන්ම සීමාවෙලා නැහැ. අත්‍යවශ්‍ය කටයුතු සහ එම කටයුතුවලට මුවා වුණු ඇතැම් පිරිස් සැරිසරනවා අපිට පෙනෙන්නට තිබෙනවා.

මේ සැරිසැරීමත් සමග යම් ගැටලුකාරී තත්ත්වයක් අපට ඇතිවෙන්න පුළුවන්. “ කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලියේ සිදුවන අක්‍රමිකතා වළක්වාගැනීමට පියවර ගතයුතු බව ද උපුල් රෝහණ මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
42
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහා නායක හිමියන්ට පට්ටපල් බොරු කියලා අන්දන්න හැදුවේ..සමන් මොඩියුලර් නිසා ලෙසටම කුපිතවෙයි
13:16
Video thumbnail
ශ්‍රි.ල.නි.ප මධ්‍යම කාරක සභා රැස්වීමට චාමර සම්පත් ඇතුළු ප්‍රබලයින් රැසක් එයි
07:59
Video thumbnail
සැප රිය ඇතුළේ තිබිලා හඳුනා නොගත් මත්කුඩු තොගයක් මීගමුවේ දී පොලිසියට මාට්ටු වෙයි
01:51
Video thumbnail
Kasthirama | "වැටපැන්න මොඩියුල හා ප්‍රතිසංස්කරණ" - කස්තිරම විශේෂ වැඩසටහන
01:17:46
Video thumbnail
කාර්මික දෝෂයක් නිසා වෙච්ච විනාශයක්..මහ පාන්දරම සිදුවූ බිහිසුණු අනතුර
01:18
Video thumbnail
කාලගුණයෙන් රතු නිවේදනයක්..වර්ෂාපතනයේ වැඩිවීමක් වුණොත් වහාම ඒ ස්ථානවලින් ඉවත් වෙන්න
02:35
Video thumbnail
මොරගල්ල වෙරළ ඛාදනය නිසා සංචාරක ජීවිත අනතුරේ..කවුද මේවට වගකියන්නේ? කළු ගල් හැම තැනම
07:16
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම..අගමැතිනිට තිබුණනේ ගෝඨාභයට ස්තූති කරන්න
05:42
Video thumbnail
කූවේට් රාජ්‍යයේ සිරගත වී සිටින ලාංකික ශ්‍රමිකයින් නිදහස් කර දෙන්න..බිරින්දෑවරු හඬා වැටෙයි
13:33
Video thumbnail
කාළගුණය උඩි යටිකුරු වෙයි..කාළගුණය ගැන විශේෂ ප්‍රකාශයක්
02:20


?