PHI සංගමය භය නැතුව ඇත්තක් හෙළිකරයි – කවුරුත් නොදන්න දැඩි අවදානම් තත්ත්වය

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළ ද ජනතාවගේ සංචරණය සම්පූර්ණයෙන් සීමානොවීම තුළ අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීම දුෂ්කරවනු ඇතිබව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ, අත්‍යවශ්‍ය කටයුතු සිදුකරන මුවාවෙන් ඇතැම් පුද්ගලයින් නිරෝධායන ඇඳිරිනීති කාලය තුළ සැරිසරණ අකාරය දක්නට ලැබෙන බවය. “දැනට දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව ඒ විදිහටම තවදුරටත් වැඩිවෙමින් තිබෙනවා. ඒ වාගේම සංඛ්‍යාත්මකව ගත්විට ආසාදිතයින් වැඩිවෙමින් යනවා.

නමුත් ගැටලුව තිබෙන්නේ නිරෝධායන කාලසීමාව ආරම්භ කරලා තවමත් දින 14ක් ගෙවීගොස් නැහැ. නිරෝධායන ඇඳිරිනීතිය ආරම්භකළ දිනයේ සිට දින 14ක අවම කාලයක් ගෙවීගිය පසු අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසයේ දෙවන සතියේ වන විට යම් තරමක අඩුවීමක් මෙහි දකින්නට ලැබෙයි කියලා. නමුත් අපේක්ෂිත ප්‍රතිඵල 100%ක් අපට ලැබෙන්නේ නැහැ.

මොකද මේ පවතින නිරෝධායන ඇඳිරිනීතිය තුළ ජනතාවගේ සංචරණය සම්පුර්ණයෙන්ම සීමාවෙලා නැහැ. අත්‍යවශ්‍ය කටයුතු සහ එම කටයුතුවලට මුවා වුණු ඇතැම් පිරිස් සැරිසරනවා අපිට පෙනෙන්නට තිබෙනවා.

මේ සැරිසැරීමත් සමග යම් ගැටලුකාරී තත්ත්වයක් අපට ඇතිවෙන්න පුළුවන්. “ කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවලියේ සිදුවන අක්‍රමිකතා වළක්වාගැනීමට පියවර ගතයුතු බව ද උපුල් රෝහණ මහතා පැවසීය.

  1. මේකට හැමදාම ඕනෙ රට වහගන්න. මිනිස්සු පස්ස පැත්තෙ අමාරුවට රවුම් ගහනව කියල වෙන්ඩෑ හිතන් ඉන්නෙ. මේකට උත්ගෝශන කරපුව පෙනුනද පහුගිය කාලෙ අර කාලකන්නි හැමදාම

  2. සර්
    නිකන් බොරැවට රට වහලා දාලා කොරොනා ඉවර කරන්න බැහැ , මෙක මහා අපරාදයක් ඔබතුමන්ලා කරන්නේ, මොහොතකටවත් හිතුවද ඡනතාවගේ අසරණත්වය ගැන කවදාවත් නැහැ කොවුරැත් හිතුවේ මාද්ධිය ඉදිරියේ පෙනී සිට වන ⁣ප්‍රසිද්දිය පමණක් මිස අසරණ ජනයාගේ කුසගින්න නැ⁣මැයි, රජයේ සේවක⁣යන්ට මෙය මහගු අවස්තාවක් දීර්ගකාලීන නිවාඩුවක් සමග වැටුපක් නමුත් අසරණයා අන්ත අසරණයා බවට පත් වුණා, මෙ මම එතුළුව අසරණවු සියලුම දෙනාගේ කදුලට මෙයට අනුබලදුන්, සහයදුන්, සියලුදෙනාට පරිහන් දෙන්නට සිද්දවෙයි
    මෙ ලොක්ඩවුන් එකට සහය පලකරපු, ආයාචනා කරපු, බල කරපු, අදහස් පලකල හා යෝජනා කරපු, සියළුුදෙනාට ද්දිත්ත දම්ම වේදණීය කර්මය පලදේවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12