PHIට කෙළ ප්‍රහාරයක්

කොවිඩ් -19 ආසාදිත බවට සැකසහිත පුද්ගලයෙකුගේ නිවසකට රාජකාරී කටයුතු සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ඊයේ (03) කෙළ ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ඒ නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුටය. 

ගිරිඋල්ල පොලිස් වසමේ පුස්කොලදෙණිය ප්‍රදේශයේ නිවසකදී මෙම සිද්ධිය ඇතිවී තිබේ.

අදාළ සැකසහිත පුද්ගලයා සිටින නිවසට ගිය අවස්ථාවේදී එම පුද්ගලයාගේ පියා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරියට බාධා කරමින් පහරදීමට තැත්කර ඇති බවට වාර්තා වූ බවද පොලීසිය පවසයි.

ඉන් අනතුරුව එම කෙළ ප්‍රහාරය එල්ලකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව ගිරිඋල්ල පොලීසිය විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු 48 හැවිරිදි පුද්ගලයෙකු වන අතර එම අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිටි බවද වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

2020 වසරේ දෙසැම්බර් 02වනදා මේ ආකාරයෙන්ම සිද්ධියක්  බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණි.

එහිදී අදාළ සැකකරුට නඩු පැවරීමෙන් අනතුරුව වසර 6ක සිරදඬුවමක් පානදුර අධිකරණය මගින් නියම කළේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09