AFC Banner
Empty Ad
Empty Ad

OICට අල්ලස් දෙන්න හැදූ අයෙක් අත්අඩංගුවට

මට්ටක්කුලිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් 50,000ක අල්ලසක් ලබාදීමට පැමිණි පුද්ගලයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ඉඩ සලසාදෙන ලෙසත් අත්අඩංගුවට නොගන්නා ලෙසත් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ වෙනුවට මසකට රුපියල් ලක්ෂය බැගින් ලබාදිය හැකි බව පවසා ඇති අතර ඔහු රුපියල් 50,000ක මුදලක් අත්තිකාරම් වශයෙන් ලබාදීමට හැකි බව පවසමින් මට්ටක්කුලිය පොලීසිය වෙත පැමිණ තිබෙනවා.

පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මූලස්ථානය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 සමිත්පුර මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?