Morkel යද්දී ගුල් එයි ?

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කිරීමට එරට හිටපු වේග පන්දු ක්‍රීඩක උමාර් ගුල් පත්වීමේ ඉඩකඩක් පවතින බවට වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන පරිදි උමාර් ගුල් මීට සිය එකඟතාව ලබා දී ඇත්තේ, දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන් ම, පාකිස්ථාන කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරු වන මෝර්න් මෝකල් (Morne Morkel) ඊයේ දිනයේ දී තම ධුරයෙන් ඉවත් වීම හේතුවෙන්.

මෝකල් ඊයේ දිනයේ දී සිය සේවා කාලය අවසන් කළේ මාස 06ක කාලයක කොන්ත්‍රාත් පදනමක් යටතේ පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කිරීමේ කාලය අවසන් වූ බැවින්.

මෝර්ක්ල් මෙම වසරේ ජුනි මාසයේ දී යි පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමග එක් වූයේ.

මීට පෙර ද පාකිස්ථාන කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර ඇති ගුල් නැවත වරක් එම තනතුරට පත් වනු ඇතැයි විශ්වාස කරන බවට ද ආරංචි මාර්ග වාර්තා වනවා.

තමාට මෙතෙක් පාකිස්ථානු ක්‍රිකට් කවුන්සිලය විසින් කතා කර නොමැති බවත්, එසේ වුවහොත් ඊට එකහෙලා ම එකඟ වීමට තමන් දැඩි අපේක්ෂාවෙන් සිටින බවයි උමාර් ගුල් පවසන්නේ.

41 හැවිරිදි උමාර් ගුල් එක්දින තරග 130කට ක්‍රීඩා කරමින් කඩුලු 179ක් බිඳ හෙලා තිබෙනවා.

ගුල් ගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන්නේ ලකුණු 42කට කඩුලු 06ක්.

ටෙස්ට් තරග 47කට එක් ව කඩුලු 163ක් බිඳ හෙලා ඇති ගුල් ගේ හොඳම ටෙස්ට් කඩුලු සංඛ්‍යාව සටහන් ව ඇත්තේ ලකුණු 135කට කඩුලු 06ක් ලෙසයි.

ලබන මාසයේ දී පාකිස්ථාන කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගාවලියකට එක්වීමට නියමිත අතර, ඊට පෙරාතුවයි මෙම සංශෝධනයන් සිදුවෙමින් පවතින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?