ජනාධිපති මට පහත් ලෙස බැණ වැදී තර්ජනය කලා…- විජේදාස නිවසේ මාධ්‍ය හමුවක්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ සිය නිවසේ පෙරවරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් අමතා ඉතා පහත් ලෙස චෝදනා එල්ල කළ බව ඔහු එහිදී පැවසීය.

ජනාධිපති වරයෙකුට නොගැලපෙන මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලී ව පහත් ලෙස තමනට ඇමතු බවද ඔහු එහිදී කියා සිටියේය.

එනිසා ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කළ භාෂාවෙන් ම ප්‍රතිචාර දැක්වීමට ද තමන්ට අකමැත්තෙන් වුවත් සිදු වූ බවත ඔහු තව දුරටත් එහිදී පැවසීය.

තමන් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කල බවත් තම දරු පවුල ගැන බියක් ඇති බවත් තව දුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?