KJP පාකිස්තාන සුපර් ලීගයේ ශූරතාව දිනා දෙයි

පාකිස්තාන සුපර් ලීගයේ අවසන් මහා තරගය ජය ගනිමින් එහි ශූරතාව දිනා ගැනීමට ඊයේ (25) රාත්‍රියේ දී Lahore Qalandars කණ්ඩායම සමත් වුණා.

අවසන් මහා සටන පැවැත්වුණේ ලාහෝර් නුවරදියි.

පළමු ව පන්දුවට පහර දුන් Quetta Gladiators කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 09ක් දැවී ලකුණු 201ක් ලබා ගත්තා.

හසාන් නවාස් ලකුණු 76යි.

ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ශහීන් ෂා අෆ්‍රිඩි කඩුලු තුනක් සහ කඩුලු දෙක බැගින් සල්මන් මිස්‍රා හා හැරිස් රවුෆ් විසින් බිඳ හෙලනු ලැබුවා.

එක් කඩුල්ල බැගින් සිකන්දර් රාසා සහ රිෂාඩ් හුසේන් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 202ක ඉලක්කයක් හඹා ගිය ලාහෝර් කණ්ඩායමේ මැද පෙළ පසුගාමීත්වයක් දරන විටදීත් කුසලානය තම කණ්ඩායමට දිනා දීමට ශ්‍රී ලංකාවෙන් ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කරන කුසල් ජනිත් පෙරේරා සමත් වුණා.

තරගයේ ජය ලබන තුරු ම නොනැවතුණු වේගවත් පිතිහරඹයක නිරත වුණු කුසල් පෙරේරා නොදැවී ලකුණු 62ක් රැස් කළේ පන්දු 31කට මුහුණදෙමින්.

ඊට හයේ පහර හතරක් සහ හතරේ පහර පහක් ඇතුළත් වුණා.

සිකන්දර් රාසා නොදැවී ලකුණු 22යි.

මොහොමඩ් නයීම් ලකුණු 46ක් සහ අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 41ක් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී එක් කඩුල්ල බැගින් මොහොමඩ් අමීර්, ෆහීම් අශ්‍රාෆ්, අබ්‍රාර් අහමඩ් සහ උස්මන් ටරික් විසින් බිඳ හෙලනු ලැබුවා.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරාගේ සුපිරි ඉනිමෙන් ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායම 2025 පාකිස්තාන සුපර් ලීගයේ ශූරතාව දිනා ගත්තා.

තරගයේ වීරයා කුසල් පෙරේරා.

තරගාවලියේ වීරයා හසාන් නවාස්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
9
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58