ITC Ratnadipa ජනපති අතින් විවෘත වෙයි

‘ITC Ratnadipa Colombo’ අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (25) විවෘත කළා.

ඉන්දියාවේ ITC හෝටල් සමූහයට අයත් මෙම අති සුඛෝපභෝගි හෝටලය ඉන්දියාවෙන් පිටත ඉදිකළ ඔවුන්ගේ පළමු සුඛෝපභෝගි හෝටලයයි.

ඇමරිකානු ඩොලර් මිලියන 400ක් ආයෝජනය කරමින් ඉදිකර ඇති මෙම සුඛෝපභෝගි හෝටලයේ හෝටල් කාමර 352ක් පවතිනවා.

මෙහි ප්‍රධාන කුළුණු දෙක යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ ඉදිකෙරුණු අහස් පාලම විශේෂත්වයක් ගනු ලබනවා.

මෙම අහස් පාලමේ පිහිනුම් තටාක දෙකක් ද ඉදිකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?