IPL වෙන්දේසියේ දී මුස්තෆිසුර් රහ්මාන්ව මිලදී ගත් ෂාරුක් ඛාන්ව ද්‍රෝහියෙකු කරයි

2026 අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට බංග්ලාදේශ ක්‍රීඩකයෙකු මිලදී ගැනීම සම්බන්ධයෙන් භාරතීය ජනතා පක්ෂයේ නායකයෙක් බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට චෝදනා එල්ලකර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මස 16 වනදා අබුඩාබි හිදී පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් හිමිකාරිත්වය දරණ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තෆිසුර් රහ්මාන් මිලදී ගත්තා.

ඒ, ක්‍රීඩක වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 9.20ක ලංසු මුදලක් තබමින්.

භාරතීය ජනතා පක්ෂයේ නායකයෙක් වන උත්තර් ප්‍රදේශ් ව්‍යවස්ථාදායක සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සංගීත් සෝම් පවසන්නේ බංග්ලාදේශය තුළ හින්දු භක්තිකයින්ට සහ අනෙකුත් සුළු ජාතීන්ට එරෙහි ම්ලේච්ඡ ක්‍රියා ඉහළ යමින් තිබිය දී එවැනි රටක ක්‍රීඩකයෙක් මිලදී ගැනීම තුළින් ෂාරුක් ඛාන් ද්‍රෝහියෙකු වන බවයි.

මීරුට්හි පැවති ප්‍රසිද්ධ උත්සවයක දී සංගීත් සෝම් පවසා ඇත්තේ, එවැනි ද්‍රෝහී ක්‍රියාවක් සිදුකළ ෂාරුක් ඛාන්ට ඉන්දියාව තුළ ජීවත්වීමට අයිතියක් නොමැති බවයි.

එමෙන්ම අයි.පී.එල් තරගාවලියට බංග්ලාදේශ ක්‍රීඩක මුස්තෆිසුර් රහ්මාන් ඉන්දයාවට පැමිණියහොත් ඔහුට ගුවන් තොටුපළෙන් එළියට අඩියක් තැබීමට ඉඩ නොතබන බවයි සංගීත් සෝම් අනතුරු අඟවා ඇත්තේ.

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන මාර්තු මාසයේ ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
16
+1
145
+1
10
+1
10
+1
8
+1
100
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34