IPL පිටියේ වාඩුව දකුණු අප්‍රිකානු 20-20 ලීගයේ දී පොළියත් එක්කම ගත් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා (වීඩියෝ)

දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය මේ දිනවල ඉතා උණුසුම් අයුරින් ක්‍රියාත්මක වනවා.

මෙම තරගාවලියේ පසුගිය බදාදා (18) පැවති තරගය තියුණු සටනකින් පසු ජය ගන්නට සන්රයිසස් ඊස්ටර්න් කේප් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, එම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ මුම්බායි කේප් ටවුන් කණ්ඩායම අවසන් පන්දුවාරය තුළ කඩුලු 02කින් පරාජයට පත් කරමින්.

මෙහිදී දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක මාර්කෝ ජැන්සන් පන්දු 27කදී ලකුණු 66ක් රැස්කරමින් සන්රයිසස් ඊස්ටර්න් පිළට ජයගෙන ඒමට කටයුතු කළා.

එහිදී මුම්බායි කේප් ටවුන් පිළ නියෝජනය කරන, මේ වනවිට විස්සයි විස්ස පිටියේ අංක එකේ පන්දු යවන්නා වන රෂීඩ් ඛාන්, මාර්කෝ ජැන්සන්ගේ දැඩි ප්‍රහාරයකට ලක් වුණා.

ඒ, සන්රයිසස් ඊස්ටර්න් ඉනිමේ රෂීඩ් ඛාන් යැවූ 16 වන පන්දුවාරයේ දී ලකුණු 28ක් උදුරා ගනිමින්.

එම පන්දු වාරයේ ලකුණු ලබා ගැනීම සටහන් වුනේ, 6,4,6,6,0,6 ක් ලෙසයි.

මේ අතර මාර්කෝ ජැන්සන්ගේ මෙම පිති ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විචාරකයින් සඳහන් කර සිටියේ 2022 අයි.පී.එල් තරගාවලියේ තමන් අතින් සිදුවූ අතපසුවීමේ වාඩුව ලබා ගැනීමක් ලෙසයි.

2022 අයි.පී.එල් තරගාවලියේ දී ගුජරාට් ටයිටන්ස් පිළ සහ සන්රයිසස් හයිද්‍රබාද් පිළ අතර පැවති තරගයේ දී මෙවැනිම සිදුවීමක් මෙම ක්‍රීඩකයින් දෙදෙනා අතර සිදුවනවා.

එම තරගයේ දී මාර්කෝ ජැන්සන් පන්දු යවන්නා බවට පත් වන අතර, පිතිකරුවා වන්නේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායාම නියෝජනය කළ රෂීඩ් ඛාන්.

එම තරගයේ ගුජරාට් ඉනිමේ අවසන් පන්දුවාරය යවන මාර්කෝ ජැන්සන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් රෂීඩ් ඛාන් සිය කණ්ඩායමට ජයග්‍රහණය ගෙන එනවා.

එහිදී රෂීඩ් ඛාන්, ජැන්සන් යැවූ පන්දුවාරය තුළ ලකුණු 25ක් රැස් කරගන්නා අතර, එම පන්දු වාරයේ ලකුණු සටහන 6,1,6,0,6,6 ක් ලෙස කියවී තිබුණා.

ඒ අනුව එදා රෂීඩ් ඛාන් විසින් මාර්කෝ ජැන්සන්ගෙන් උදුරා ගත් ජයග්‍රහණය පසුගිය බදාදා මාර්කෝ ජැන්සන් විසින් රෂීඩ් ඛාන්ගෙන් උදුරා ගත් බවයි ක්‍රිකට් විචාරකයින් සඳහන් කර සිටියේ.

මාර්කෝ ජැන්සන් රෂීඩ් ඛාන්ටගේ පන්දුවාරයට එල්ල කළ දැඩි ප්‍රහාරය පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14