AFC Banner
AFC Banner
Empty Ad

IPL අවසන් මහා තරගය අද

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ, අද රාත්‍රී 7.30ට අහමදාබාද් හිදීයි.

මහේන්ද්‍ර සිං දෝණිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ හර්දික් පාණ්ඩයාගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

චෙන්නායි සුප්ර් කිංග්ස් කණ්ඩායම අවස්ථා 09 කදී අයි පී එල් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් ඉන් අවස්ථා 04 කදී කිරුළ හිමිකර ගෙන තිබෙනවා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම 2022 වසරේදී අයි පී එල් ශූරයින් ලෙස කිරුළු පැළඳි අතර මෙවර ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින්නේ දෙවන වරටයි.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු ද අද පැවැත්වෙන අයි. පී. එල්. අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් 02කට ඇතුළත්.

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරනවා.

පන්දුවාර 20 යි 20 ශ්‍රී ලංකා නායක දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?