IPL අවසන් මහා තරගය අද

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ, අද රාත්‍රී 7.30ට අහමදාබාද් හිදීයි.

මහේන්ද්‍ර සිං දෝණිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ හර්දික් පාණ්ඩයාගේ නායකත්වයෙන් යුත් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

චෙන්නායි සුප්ර් කිංග්ස් කණ්ඩායම අවස්ථා 09 කදී අයි පී එල් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් ඉන් අවස්ථා 04 කදී කිරුළ හිමිකර ගෙන තිබෙනවා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම 2022 වසරේදී අයි පී එල් ශූරයින් ලෙස කිරුළු පැළඳි අතර මෙවර ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටින්නේ දෙවන වරටයි.

ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් තිදෙනෙකු ද අද පැවැත්වෙන අයි. පී. එල්. අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් 02කට ඇතුළත්.

වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සහ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරනවා.

පන්දුවාර 20 යි 20 ශ්‍රී ලංකා නායක දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14