AFC Banner
Empty Ad
Empty Ad

‘INS Mumbai’ මව්බිමට සමුදෙයි (ඡායාරූප)

පසුගිය අගෝස්තු මස 26 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Mumbai’ නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුවයි.

මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේ දී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව එම අභ්‍යාසය නිමාවට පත් වුණා.

එමෙන්ම, ‘INS Mumbai’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් රාශියක් ද ක්‍රියාත්මක වී තිබෙනවා.

WhatsApp Image 2024 08 29 at 15.38.21
WhatsApp Image 2024 08 29 at 15.38.12 2
WhatsApp Image 2024 08 29 at 15.38.12 1
WhatsApp Image 2024 08 29 at 15.38.12
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?