IMF විස්තීරණ ණය මුදල පිළිබඳ නිල ප්‍රකාශය 20 වනදා රාත්‍රියේ

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල පිළිබඳව ඇති කරගත් එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව 20 වනදා රාත්‍රීයේ රැස්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ, අනුව එදිනම රාත්‍රියේ ඒ පිළිබඳව නිල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අද (18) උදෑසන රුවන්වැල්ල දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ එම එකඟතාවයන් පිළිබඳව වෙබ් අඩවියේ පල කළ වහාම ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සියලු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

එය බොහෝ විට ලබන සතියේ දී සිදුවිය හැකි බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?