IMF තුන්වන ණය වාරිකය ගැන කාර්ය මණ්ඩල එකඟතාවයකට පැමිණේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මෙරටට ලබාදෙන තුන්වන ණය වාරිකය සඳහා කාර්ය මණ්ඩල එකඟතාවයකට එළඹ ඇති බව එම අරමුදල පවසනවා.

අද (23) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මේ බව සඳහන් කළා.

එහි විධායක මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදීමෙන් පසු තෙවැනි ණය වාරිකය වශයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක් පමණ ලබාගැනීමට අවස්ථාව හිමිවනවා.

මේ වනවිට ශ්‍රී ලංකාව ගෙන ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සතුටුදායි තත්ත්වයක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඒ, අනුව මෙම වසරේ මුල් කාර්තුව සහ දෙවන කාර්තුව සඳහා වූ මූලික ඉලක්ක සපුරාගැනීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බවයි ඔහු මෙහිදී සඳහන් කළේ.

ශ්‍රී ලංකාව තම ඉලක්ක සපුරාගනිමින් ඉදිරියට ගමන්කරනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන බවයි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මෙම මාධ්‍ය හමුවේ දී පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10