ICU BED එකක් කියන්නේ මොකක්ද.. ?

අපි දකිනවාට වඩා මෙහි ඇති ගැඹුරු බව ගැන අපූරු සටහනක් අපිට ලැබුණා.. මේ එම සටහනයි..

මේ තියෙන්නෙ icu බෙඩ් එකක්.. මේක නිකම්ම එහෙට මෙහෙට නමන්න දිග අරින්න පුලුවන් ඇඳන් කෑල්ලක්, මෙට්ටයක් විතරක් කියල හිතන මුං කුච්චක් තරං මොළ කලඳක් තියන උං ඉන්නවා..

ICU එකකට දාන ලෙඩෙක් ස්වසනය සම්පූර්ණයෙන්ම මැශින් එකකට භාර දෙනවා.

ඒකට රෝගියා සම්බන්ධ කරන්න රෝගියාගෙ ස්වාසනාලයට බටයක් දාන්න ඕනෙ..

සමහරක්ට හිතන්න පුලුවන් ඕක මොකක්ද ඔන්නොහෙ කට අස්සට බටේ තල්ලු කරාම බටේ ඕක අස්සට යයි කියලා..

ඔව් බටේ නම් යයි හැබැයි ඒ ගැන මනා පුහුණුවක් නැති වෛද්‍යවරයෙක්ට වුණත් ලේසියෙම්ම ඕක දාන්න පුලුවන් අන්නශ්‍රෝතයට..

ඊට පස්සෙ මැසිමට සෙට් කරල හුලං ගැහුවම දෙයියනේ කියල බඩ හුලං වලින් පිරෙව්වැකි ලෙඩා ඉතිං එලොව..

ඒ සඳහාම මනා පුහුණුවක් තියන වෛද්‍යවරයෙක් රෝගියා සිහිනැති කරල ස්වරතන්ත්‍ර හරහා ස්වාසනාලයට ඇතුල් කරනවා..

ඒකට ඉතා හොඳ පුහුණුවක්, සංයමයක් ඕනෙ.. වෛද්‍යවරයෙක්ට ඒ පුහුණුව ලබා ගන්න මාස කිහිපයක් ඕනෙ..

රෝගියාගෙ රුධිර පීඩනය මනින්න, විවිධ ඖශධ ලබා දෙන්න හෘදවස්තුවෙ දකුණු කර්ණිකාවට සම්බන්ධ ශිරාවකට බෙල්ලෙන් නාලයක් ඇතුල් කරනවා බොහෝ වෙලාවට.. ඒක කරන්න ඉතිං තව සෑහෙන පුහුණුවක් ඕනෙ..

ඔය ඕක වටේ තියන අනික් මැශින් වලින් එන දත්ත රෝගියාගෙ සායනික තත්ව එක්ක එකතු කරලා හිතලා රෝගියාට ලබාදෙන්න ඕනෙ ඖෂධ තීරණය කරන්න සාගරයක් වගේ දැණුමක් ඕනෙ..

ඒක ලැබෙන්න අවුරුදු 5ක වත් පුහුණුවක්, අධ්‍යනයක් ඕනෙ…

මේලෙඩා icu එකෙ බලාගන්න හෙදියට ඒවගෙම පුහුනුවක් ඕනෙ. රෝගීන්ට සෑම තප්පරේකදිම ඖශධ ලබාදෙන ආකාරයට ඉන්ෆ්‍යුශන් පොම්ප වලින් තමා ඖශධ දෙන්නෙ.. ඒවගෙ ප්‍රමාණ වෙනස් කරනව පැය ගනන් වලින්.. ඉතින් ඒවට පුහුණු වෙන්නත් සැහෙන කාලයක් යනවා..

ඒ වගේම ඔය මැශින්, උපකරණ ආරක්ෂාකාරීව පිරිසිඳු කරන එකත් වෙනමම පුහුණුවක් ඕනෙ වැඩක්..

ඔය අයිසීයූ එකක පැය 6 ඩියුටි තියෙන්නෙ.. එක පැය 6කට ඇඳකට හරිනම් එක නර්ස් කෙනෙක් වෛද්‍යවරයෙක් ඉන්න ඕනෙ.. ඒකට කියන්නෙ one to one care එකක් දෙනව කියලා..

ඉතිං බෙඩ් එක රැයින් මවන්න බෑ.. ඇලඩින්ගෙ පහනෙ බූතයා වුණත් ඔය වගේ එකක් කරන්න කීවොත් ආයෙ පහන අස්සට දාලා මාව වහපං කියනවා මිසක් ඕක කරන්නෙ නෑ..

පරිස්සං වෙලා ගෙදර හිටපල්ලා.. එතකොට කොවිඩ් බෝවෙන්නෙත් නෑ එතකොට icu ඕන වෙන්නෙත් නෑ.

සටහන – Dhananjaya Dassanayake

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46
Video thumbnail
"බොරු කියලා ආණ්ඩු ගන්න පුළුවන් හැබැයි ගෙනියන්න බැහැ"..මුජිබර් හොඳම එකෙන් දෙසයි
02:40
Video thumbnail
ආපදාවෙන් අසරණ වූ මාධ්‍යවේදීන්ට සරණක් වෙන මාතර මාධ්‍යවේදීන්..මාධ්‍යවේදීන් සංවේදී වී හඬාවැටෙයි
05:38
Video thumbnail
නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එයි..හෝටලුත් සංචාරකයින්ගෙන් පිරී ගිහින්
06:09
Video thumbnail
නත්තල දවසේ අස්ගිරි - මල්වතු නාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලූ ඉල්ලීම
03:19
Video thumbnail
"හු## යන්න පුළුවන් විදියට පලයන් ඩෝ..පාරේ" බලපිටියේ සිදුවූ බිහිසුණු රිය අනතුර
01:01
Video thumbnail
කොච්චිකඩේ දේවස්ථානයේ රාත්‍රී දේව මෙහෙය සිදුවූ අයුරු
06:20
Video thumbnail
මහා ජන සෙනඟක් ගෝල්ෆේස් එකේ පිරෙයි..බලන බලන් තැන මිනිස්සු..හැම තැනම විදුලි ආලෝකයෙන් ආලෝකමත් වෙලා
01:41
Video thumbnail
අණ නොතකා ධාවනය කළ රිය කඩවලුත් කා#ගෙන නැවතෙයි
00:50


?