ICC පිටියේ ටෙස්ට් මුලසුන කැන්ගරුවන්ට – T20 පිටියේ ශ්‍රී ලංකාවට 08 වැනි තැන

ICC ටෙස්ට් කණ්ඩායම් අද (17) දිනයේ දී ශ්‍රේණිගත කිරීම් යාවත්කාලීන කර තිබෙනවා.

එම යාවත්කාලීන කිරීම් අනුව ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි ඔස්ට්‍රෙලියාව පළමු තැන රඳවා ගැනීමට තවදුරටත් සමත්ව සිටිනවා.

ටෙස්ට් තරග 30කට එක්වෙමින් මෙම වසරේ දී ඔවුන් ලබා ඇති ප්‍රසාද ලකුණු ගණන 3715ක්.

ඉන්දියාවට මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ ටෙස්ට් තරග 33කට ක්‍රීඩා කරමින් ප්‍රසාද ලකුණු 3654ක් හිමිකර ගැනීම හේතුවෙන්.

මෙම ලැයිස්තුවේ පිළිවෙළින් දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ නවසීලන්තය තෙවැනි, සිව්වැනි සහ පස්වැනි ස්ථාන හිමිකරගෙන සිටිනවා.

මේ අතර ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ මුලසුන ඉන්දීය ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා හට හිමි ව තිබෙනවා.

දෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවේ කගිසෝ රබාඩා හා තෙවැනි තැන ඔස්ට්‍රෙලියාවේ හේසල්වුඩ් හට ලැබී ඇති අතර ටෙස්ට් නායක පැට් කමින්ස් ස්ථානයක් ඉදිරියට එමින් සිව්වැනි ස්ථානයට හිමිකම් කියනවා.

මුල් තිදෙනා අතර සිටි රවිචන්ද්‍රන් අශ්වින් එක් ස්ථානයක් පහතට බැස පස්වැනි තැනට පත් ව තිබෙනවා.

එමෙන්ම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර ස්ථාන දෙකකින් ඉදිරියට ඒමට බංග්ලාදේශයේ මෙහිඩි හසාන්ට හැකි ව තිබෙනවා.

ඒ අනුව නවතම ශ්‍රේණිගත කිරීම් අනුව මෙහිඩි දෙවැනි තැනට පත් ව සිටිනවා.

රවිචන්ද්‍රන් අශ්වින් තුන්වැනි තැනට ඇද වැටෙමින් රවීන්ද්‍ර ජඩේජා ලොව හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩක ලැයිස්තුවේ ස්ථාන තමන් නමින් වෙන් කරවා ගෙන තිබෙනවා.

මේ අතර දෙසැම්බර් මස 15 වැනි දින සිදු කළ T20 ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම එක් ස්ථානයක් ඉහළට පැමිණ තිබෙනවා.

ඔවුන්ට පස්වැනි ස්ථානය හිමිව ඇති අතර නවසීලන්තය එක් ස්ථානයක් පහතට බැස සයවැනි තැන හිමිකරගෙන තිබෙනවා.

ලොව T20 පිටියේ ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 08 වැනි ස්ථානයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
8
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?