ICC ටෙස්ට් පිටියෙහි හොඳ පන්දු යවන්නන් 10 දෙනා අතරට අසිතත් – ශ්‍රී ලංකාවට සයවැනි තැන (ඡායාරූප)

ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි හොඳම පන්දු යවන්නන් 10 දෙනා අතරට පැමිණෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ වමත් මඳ වේග පන්දු යවන්නෙකු වන අසිත ප්‍රනාන්දු සමත් ව සිටිනවා.

නවතගම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ඊයේ (05) දිනයේ දී යාවත්කාලීන කර ඇති අතර ඒ අනුව අසිතට මෙම ලැයිස්තුවේ 08 වැනි ස්ථානය හිමි ව තිබෙනවා.

ප්‍රසාද ලකුණු 734ක් ලබා ගනිමිනුයි අසිත හට මෙම ස්ථානය හිමි ව ඇත්තේ.

අසිත ප්‍රනාන්දු එංගලන්තයට එරෙහි තරග 03කින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක් ව සිටින අතර ඔහු ලෝඩ්ස් කඩුලු පුවරුවේ තම නම ද සටහන් කරගැනීමට සමත් වුණා.

ඒ එංගලන්තයට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේ දී යි.

ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු තැන හා දෙවැනි තැන පිළිවෙළින් ඉන්දියාවේ දඟ පන්දු යවන්නෙකු වන රවිචන්ද්‍රන් අශ්වින් හට හස ජස්ප්‍රිට් බුම්‍රා හට හිමි ව තිබෙනවා.

තෙවැනි තැන හිමි ව ඇත්තේ ඔස්ට්‍රෙලියාවේ හේසල්වුඩ් හටයි.

මේ අතර ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට 06 වැනි ස්ථානය හිමි ව තිබෙනවා.

2023-2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් සහභාගී වූ ටෙස්ට් තරග 06න් 02ක් පමණක් ජයගෙන 06 වැනි ස්ථානයට පත් ව සිටිනවා.

පළමු තැන ඉන්දියාවටත් දෙවැනි තැන ඔස්ට්‍රෙලියාවටත්, තුන සහ සිව්වැනි තැන පිළිවෙළින් නවසීලන්තය සහ බංග්ලාදේශයටත් හිමි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26