AFC Banner
Empty Ad
Empty Ad

මගේ පවුලෙන් දේශපාලනයට එන පලමුවෙනියා සහ අන්තිමයා මම – ඇමැති බන්දුලගෙන් හෙළිදරව්වක්

සිය නිවසේදී තම දරුවෝ මේ ජරාජීර්ණ දේශපාලනය ගැන කතා නොකරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරයි.

තම පවුලේ කිසිවකුත් දේශපාලනයට නොඑන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එනිසා සිය පවුලෙන් දේශපාලනය කරන පළවැනියා සහ අන්තිමයා තමා බවද අවධාරණය කරයි.

තමා උපේක්ෂා සහගත මිනිසෙක් බවත් හොරකම, දුෂණය,කොමිස් ගැහිල්ල, වංචාව නැති වෙන මිනිස්සුන්ට මඩ ගහන්නේ නැති තැනැත්තෙක් බැවින් අනිත් අය කරන විවේචන පිළිබඳව තිබෙන්නේ අනුකම්පාවක් මිස වෛරයක් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

සක්‍රයා තබා වයිමා පැමිණියත් බඩු මිල අඩු කරන්න බැරි බවත්,රු 2500 එක් පුද්ගලයෙකුට මාසයක් ජීවත්වෙන්න පුළුවන් බව මීට පෙර ප්‍රකාශ කොට සමාජයේ හාස්‍යයට ලක්ව තිබෙන බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා හාල් කිලෝ තුනක් එක් පවුලකට සති 2කට ප්‍රමාණවත් බව මීට ටික දිනකට පෙර ප්‍රකාශ කිරිම නිසා යළිත් සමාජයේ හාස්‍යයට ලක්ව තිබේ.

එය තමාට සිදු වූ එක වචනයක වැරදීමක් බවත් තමා එම වැරැද්ද ඒ අවස්ථාවේම නිවැරදි කළ මුත් දැන් එය අල්ලගෙන විපක්ෂය දේශපාලනය කරන බවද පෙන්වා දෙමින් අමාත්‍යවරයා ඉහත සඳහන් කරුණු අනාවරණය කොට තිබෙන්නේ සති අන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?