මගේ පවුලෙන් දේශපාලනයට එන පලමුවෙනියා සහ අන්තිමයා මම – ඇමැති බන්දුලගෙන් හෙළිදරව්වක්

සිය නිවසේදී තම දරුවෝ මේ ජරාජීර්ණ දේශපාලනය ගැන කතා නොකරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරයි.

තම පවුලේ කිසිවකුත් දේශපාලනයට නොඑන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එනිසා සිය පවුලෙන් දේශපාලනය කරන පළවැනියා සහ අන්තිමයා තමා බවද අවධාරණය කරයි.

තමා උපේක්ෂා සහගත මිනිසෙක් බවත් හොරකම, දුෂණය,කොමිස් ගැහිල්ල, වංචාව නැති වෙන මිනිස්සුන්ට මඩ ගහන්නේ නැති තැනැත්තෙක් බැවින් අනිත් අය කරන විවේචන පිළිබඳව තිබෙන්නේ අනුකම්පාවක් මිස වෛරයක් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

සක්‍රයා තබා වයිමා පැමිණියත් බඩු මිල අඩු කරන්න බැරි බවත්,රු 2500 එක් පුද්ගලයෙකුට මාසයක් ජීවත්වෙන්න පුළුවන් බව මීට පෙර ප්‍රකාශ කොට සමාජයේ හාස්‍යයට ලක්ව තිබෙන බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා හාල් කිලෝ තුනක් එක් පවුලකට සති 2කට ප්‍රමාණවත් බව මීට ටික දිනකට පෙර ප්‍රකාශ කිරිම නිසා යළිත් සමාජයේ හාස්‍යයට ලක්ව තිබේ.

එය තමාට සිදු වූ එක වචනයක වැරදීමක් බවත් තමා එම වැරැද්ද ඒ අවස්ථාවේම නිවැරදි කළ මුත් දැන් එය අල්ලගෙන විපක්ෂය දේශපාලනය කරන බවද පෙන්වා දෙමින් අමාත්‍යවරයා ඉහත සඳහන් කරුණු අනාවරණය කොට තිබෙන්නේ සති අන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44