G20 සමුළුව නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් ඇරඹෙයි

2023 වසරට නියමිත G20 පාර්ලිමේන්තු කථානායක සමුළුව අද ආරම්භ වුණා.

මෙම සමුළුව මෙවර පැවැත්වෙන්නේ ඉන්දියාවේ සත්කාරකත්වයෙන්.

09 වැනි වරටත් පැවැත්වෙන මෙම සමුළුව අද උදෑසන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

G20 ට සම්පූර්ණ දේශපාලන දායකත්වය දෙනු ලබන්නේ ඉන්දීය ව්‍යවස්ථාදායකය වන ලෝක් සභාව විසින්.

මෙම සමුළුව ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දී පැවැත්වෙනවා.

සමුළුව අමතමින් මෝදි සඳහන් කළේ ඉන්දීය ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුව සමස්ත දේශපාලනයේ හස්තයක් බවයි.

කෝටි 140ක ඉන්දියානුවන් වෙනුවෙන් මෙම සමුළුවට පැමිණි සියලු ම රාජ්‍යයන්වල සාමාජිකයින් ව ගෞරවයෙන් පිළිගන්නා බවටයි මෝදි සඳහන් කළේ.

මෙම සමුළුව අමතමින් ඉන්දියාවේ සඳ ගමන සාර්ථක වීම සම්බන්ධයෙන් ද වැඩිදුර අගය කිරීමක් සිදු කිරීමට අමතක කළේ නැහැ.

P20 සමුළුවට G20 සාමාජිකයින් සහ ආරාධිත රටවල පාර්ලිමේන්තු කථානායකවරුන් සහභාගී වනු ඇති.

එහි තේමාව වන්නේ ‘එක් පොළොවක්, එක් පවුලක්, එක් අනාගතයක් සඳහා වූ පාර්ලිමේන්තු’ යන්නයි.

ඉන්දුනීසියාව, මෙක්සිකෝව, සෞදි අරාබිය, ඕමානය, ස්පාඤ්ඤය, යුරෝපා පාර්ලිමේන්තුව, ඉතාලිය, දකුණු අප්‍රිකාව, රුසියාව, තුර්කිය, නයිජීරියාව, ඔස්ට්‍රෙලියාව, බ්‍රසීලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, ජපානය, ඊජිප්තුව සහ බංග්ලාදේශය යන රටවල කථිකයන් සහ නියෝජිත පිරිසේ ප්‍රධානීන් මෙම අවස්ථාවට එක් ව සිටියා.

ANI පුවත් සේවයට අනුව, කැනඩාවේ නියෝජිතයා මෙම අවස්ථාවට සහභාගී නොවීම කැපී පෙනෙන කාරණයක්.

ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයට අනුව, P20 සමුළුව පහත සඳහන් විෂයයන් හතර කෙරෙහි අවධානය යොමු කරනු ඇති.

පොදු ඩිජිටල් වේදිකා හරහා ජනතාවගේ ජීවිතවල පරිවර්තනය, කාන්තා මූලික සංවර්ධනය, SDGs වේගවත් කිරීම සහ තිරසාර බලශක්ති සංක්‍රාන්තිය ගැන යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?