logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

Fairy Herbal Products සමාගම Golden Inmedien සම්මානයට පාත්‍රවෙයි

මෙරට ප්‍රධාන පෙළේ ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමක් වන Fairy Herbal Products පෞද්ගලික සමාගම Golden Inmediens Awards 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ශාකසාර පදනම් කර ගත් රූපලාවණ්‍ය ආයතනය ලෙස සම්මානයට පාත්‍ර වුණා.

ප්‍රකට පාරම්පරික වෛද්‍යවරියකවන එම සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂිකා කවීනා ඒකනායක ආරච්චිගේ මහත්මිය වෙත එම සම්මානය පිරිනමනු ලැබුවා.

මාතර, මුලටියන ප්‍රදේශයේ පිහිටා ඇති Fairy Herbal Products සමාගම පුළුල් පරාසයක විහිදී ඇති ආයුර්වේද නිෂ්පාදන රැසක් වෙළෙඳපොළට නිකුත් කරනවා.

ඒ, අතර විවිධ රෝග තත්ත්ව සුව කිරීමට සහ රූපලාවණ්‍යය රැකගැනීමට භාවිත කළ හැකි, විශේෂයෙන්ම කුරුලෑ උවදුරින් පීඩා විඳින පුද්ගලයන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති නිෂ්පාදන රැසක් වනවා.

වසර සිය ගණනක් පැරැණි රහස් බෙහෙත් වට්ටෝරු අනුව සකසන එම නිෂ්පාදන දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. කුරුලෑ සුව කිරීම සඳහා භාවිතා කළ හැකි Fairy Face Pack එම නිෂ්පාදන අතර සුවිශේෂ වනවා.

නවීන තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදන කටයුතු සිදු කරන Fairy Herbal Products සමාගම ඒවායේ ස්වාභාවික ශාකසාර සහ ඖෂධීය වටිනාකම රැක ගැනීමට වැඩි අවධානයක් යොමු අරනු ලබනවා.

එම නිෂ්පාදන කටයුතු සියල්ල දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව සිදුවීම විශේෂයි.

පසුගිය කාලය පුරා එම සමාගම සම්මාන, ඇගැයීම් සහ ප්‍රමිති සහතික රැසකින් පිදුම් ලබා තිබෙනවා.

Fairy Herbal Products සමාගම වර්තමානයේදී රූපලාවණ්‍ය ගැටලු ඉලක්ක කර ගත් නිෂ්පාදන පරාසය තව දුරටත් පුළුල් කරමින් සිටිනවා.

දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය, ලංකා ආයුර්වේද ප්‍රවර්න (පෞද්ගලික) සමාගම, ආයුර්වේද දෙපාර්තමේන්තුව, සහ ආයුර්වේද ඖෂධ සංස්ථාව සංවිධානය කළ Golden Inmediens සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත් වුණා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු ඊට සහභාගීව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?